IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සංවර්ධන නිලධාරීහු ජනපතිගෙන් විශේෂ දීමනාවක් ඉල්ලති

(බිඟුන් මේනක ගමගේ) 


රාජ්‍ය සේවයේ විශේෂ දීමනාවට සමාන දීමනාවක් ආශ්‍රිත සේවා උපාධිධාරීන් ඇතුළු ද්විතීය හා තෘතීය මට්ටමේ රාජ්‍ය සේවකයින් සඳහා ද ලබා දෙන්නැයි ඉල්ලමින් සංවර්ධන නිලධාරින්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද(23) ලිපියක් යොමු කර ඇත.


රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධරයන්ට රුපියල් 15 000.00 ක දීමනාවක් 2020 ජනවාරී 01 දින සිට ගෙවීමට පියවර ගන්නා ලෙස නියෝග කරමින් 18/2015 (iii) අංක සහිත චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇතැයි ද ඊට බාධාවක් නොවන පරිදි එම්.එන්. 04 ආශ්‍රිත සේවාවට අයත් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා උපාධිධාරීන් ඇතුළු ද්විතීය හා තෘතීය මට්ටමේ රාජ්‍ය සේවකයින් සඳහා ද පිළිගත හැකි සාධාරණ විශේෂ දීමනාවක් ලබා දීමට පියවර ගන්නැයි සංවර්ධන නිලධාරින්ගේ සංගමය එමගින් ඉල්ලා ඇත.


පසුගිය රජය ද රුපියල් 15 000.00 ක දීමනාවක් විධායක සේවා ගණයේ නිලධාරීන්ට පමණක් ලබාදීම සඳහා කටයුතු සිදුකිරීමට සූදානම් වූ නමුත් රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන්වල පැවති ඉල්ලීම් වැඩවර්ජන ඇතුළු රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවක ඉල්ලීම් හමුවේ සියලූ රාජ්‍ය සේවකයින් සඳහා සාධාරණ දීමනාවක් ලබා දීමට 2019.09.23 දින එකඟ වී යැයි ද එහි සඳහන් වේ.


එහෙත් පසුගියදා නිකුත් කර ඇත්තේ සියලුම රාජ්‍ය සේවකයින් සඳහා අදාළ නොවන පරිදි පැවති රජය ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබූ විශේෂ දීමනා චක්‍රලේඛය යැයි ද එම ලිපියේ සඳහන් වේ. 


රාජ්‍ය සේවයේ විධායක සේවාවන්හි සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 15000.00ක හෝ ඊට වැඩි දීමනාවක් හෝ ලබාදීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු විරෝධතාවයක් නැතත් ආශ්‍රිත සේවයේ මෙන්ම සංවර්ධන නිලධාරී සේවය, රාජ්‍ය කළමනාකරණ නිලධාරී සේවය, තාක්ෂණ සේවය, ග්‍රාම නිලධාරී සේවය ඇතුළු සේවාවන් හා ශ්‍රේණීන් ගණනාවක රාජ්‍ය සේවකයින් විසින් ඉටු කරනු ලබන රාජකාරී පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් විශේෂ දීමනාවක් ලබා දීම සාධාරණ යැයි සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසයි. 

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ එම්.එන්.04 වැටුප් තලයට අයත් ආශ්‍රිත සේවාව නියෝජනය කරන සියලූම දෙනා උපාධිධාරීන් යැයි ද සංවර්ධන සහකාර ඇතුළු සහකාර තනතුරු යටතේ මෙන්ම සංවර්ධන නිලධාරී තනතුරු යටතේ ඔවුන් ක්ෂේත්‍රගත හා කාර්යාලගත විශාල රාජකාරී ප්‍රමාණයක් ඉටු කරන්නේ යැයි ද රජයේ සියලූ ව්‍යාපෘති ග්‍රාමීය මට්ටමින් ක්‍රියාවට නැංවීම, රජයට අවශ්‍ය සියලූම දත්ත හා තොරතුරු ලබාදීම, රජයට අවශ්‍ය සියලූම වාර්තා සකස් කිරීම, සියලූ හදිසි හා ආපදා තත්වයන් වලදී අනෙකුත් සේවාවන්ට අයත් නිලධාරීන් සමඟ එක්ව උපරිම අයුරින් ඒ සඳහා රජයේ වගකීම ඉටු කිරීම ආදී සුවිශේෂී කාර්යභාර්යයක් ඔවුන් උසුලන්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

 



අදහස් (6)

සංවර්ධන නිලධාරීහු ජනපතිගෙන් විශේෂ දීමනාවක් ඉල්ලති

දිමුත් Monday, 23 December 2019 10:40 AM

ඔව්. ඇයි ඒ.සී කාමරවල පුටු රත් කරන ලොක්කන්ට විතරයිද දීමනා කැප?

:       3       3

රන්ජන් පේරාදෙණිය Monday, 23 December 2019 11:10 AM

සමහර උපාධිධාරීන් කියාගන්න අයට හරියට ගලපලා ලියුමක් ලියන්නටවත් බෑ. දැනට ගෙවන පඩියත් පිනට තමයි ඉතින්...

:       2       54

bw dayarathne Monday, 23 December 2019 11:29 AM

දැන් අඩු ඒක විතරයි...

:       0       22

Bishan Monday, 23 December 2019 12:01 PM

සුදු වෑන් එකේ යන්න ආසද?

:       0       4

කපුරුහාමි Monday, 23 December 2019 12:23 PM

විධායක සේවයේ නිලධාරීන්ට දීමනාවක් ගෙවන්නේ තනතුර ගැන හිතලා වෙන්න ඇති. සමහර තැන්වල ඉන්න නිලධාරීන් කිසි වෙඩකට නැති, කිසිකමකට නැති අය... මම අත්දැකීමෙන් දන්නවා...

:       0       24

Malith Tuesday, 24 December 2019 02:53 AM

ඇත්තෙන්ම සංවර්ධන නිලධාරීන් ගන්නකොට බල්ක් පිටින් ගන්නේ. හරියට දෙන්න වැඩක් වත් නෑ. මොකද ලොකු ප්‍රමාණයක් ගන්න නිසා.. බහුතරයක් නිකරුනේ කාලය ගත කරන්නේ. ඒ අස්සේ අතිකාල වෙඩත් කරනවා.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31160 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13297 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 889 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site