IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සංවර්ධිත දේශයක් නිර්මාණය ඒකායන අරමුණ බව සජිත් කියයි

(මනෝජ් හර්ෂික)

එදා දුටුගැමුණු රජ සමයේ දී මුළු රටම එක්සේසත් කළා මෙන් අභිමානවත් සංවර්ධිත දේශයක් නිර්මාණය කිරීම තම ඒකායන අරමුණ බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (23) පැවසීය.

“සැමට සහන” වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම, ඇල්ලගල හා බෙරලිහෙළ යා කරමින් කිරිඳිඔය හරහා ඉදිකළ “මහරජ ගාමිණී අභය” පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

අද කවුරුන් කුමන ප්‍රකාශ සිදු කළද දශක ගණනාවක සිට රට තුළ ජීවත්වන විවිධ ජාතීන් හා ආගම්වලට අයත් ජනතාව කුමන හෝ හේතු මත භේද භින්න සිටින බවත්, විවිධ හේතුමත කොටස්වලට කැඩී වෙන්ව ගිය මාතෘ භූමිය එක්සේසත් කළ යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
 



අදහස් (19)

සංවර්ධිත දේශයක් නිර්මාණය ඒකායන අරමුණ බව සජිත් කියයි

Bandara Friday, 23 August 2019 11:21 AM

තාත්තගේ අඩි පාරේ ගියානම් ඒක පුද්ගල ආදායම වැඩි කරගන්න තිබ්බා. ජනගහනයෙන් භාගයක් දෙව්ලොව යවලා.

:       522       664

sisiraFriday, 23 August 2019 12:17 PM

88 -89 භීෂණය මතක් වෙනවා. හරි බයයිනේ? දැන් එයාල සිල් අරන් බුරුතු පිටින් කාලා අනික් අයට කියවනවා.

:       228       407

sanathFriday, 23 August 2019 02:05 PM

කවුරු ආවත් කනවා තමයි. නමුත් ඔවුන් රටහැදුවා. අද බාරගත්තු රට නැති එකයි ප්‍රශ්නේ...

:       11       14

AmilaFriday, 23 August 2019 01:55 PM

නිකමට අහන්නේ 1994 සිට 2015 වෙනකන් තිබුණු ආණ්ඩු එදා වුණා යැයි කිව්ව දේවල් ඇහැව්වේ නැත්තේ ඇයි? ඒකෙන්ම ඔප්පුවෙනවා එදා ආණ්ඩුව, රටට හිසරදයක්ව තිබුණු රතු ත්‍රස්තවාදීන් එලොව යැවූ බව. එම ත්‍රස්තවාදීන් අනුබල අනුශාසනා දුන්නු අයට දැන් හිතේ වේදනාව වගේ...

:       0       17

AmarasinghaSaturday, 24 August 2019 05:41 AM

මම දන්නා හඳුනන පවුලක එකල පාසල් ගිය තරුණ පුත්තු දෙදෙනෙක් ඔය විදියට ටයර් උඩ යැව්වා මිනුවන්ගොඩදී. ඒ දරුවන්ගේ පියා මගේ මිත්‍රයා එජාප සංවිධායකවරයෙක් වෙලත් ඔහුට බැරිවුණා දරුවන්ව බේරගන්න. එ්කෙන්ම පේනවා ජවිපෙ අය පමණක් නොවේ මේවාට සම්බන්ධ කියලා.. ඔබ ඉපදුණේ පෙරේදාද?

:       0       113

ගල්කටස් Friday, 23 August 2019 11:28 AM

මේ යෝධයා කොහෙන් මේ නම් දානවද මන්දා පාලම් බෝක්කු හදලා එවාට ප්‍රෞඩ රජවරුන්ගේ නම්යෙදීම හරිද? පෙට්ටි ගෙවල් සමාන්‍ය ගම් හදලා එ්වාට ජනතාව ගරුකරන මිනිසුන්ගේ නම යෙදීම හරිද? මම නම් හිතන්නේ එ් වගේ බාලවැඩ නොකළ යුතුයි. එ්කත් හරියට පාරවල්වලට නම් දානවා වගේ... පිදිය යුත්තන්ට පිිදිය යුතුයි. නමුත් මෙ වාගේ බාලවැඩ නම් හරියන්නේ නැහැ. අන්තිමට එ් නම්වලට ගැරහීම විතරයි වෙන්නේ කළ යුත්තේ පෝට් සිටි වැනි දේවල් සඳහායි.

:       232       323

RaveendraSaturday, 24 August 2019 04:16 AM

මෙයාගේ දැනුම රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ නිකමටද? අපේ ඒ ප්‍රෞඩ රජවරුන්ටත් නිගාවක්... එ්ත් ඉතින් සත්‍ය සත්‍ය ලෙස දැකීමට වැඩිදෙනෙකු අකමැති නිසා අපේ ඒ ප්‍රෞඩ රජවරුන්ගේ, ඒ ප්‍රෞඩ ඉතිහාසයත් කෙමෙන් කෙමෙන් මැකීයනවා. පක්ෂ, පාටවලට ඒ ඒ ගොට්ටන් ඉන්නතාක් කල් අපේ රට එක තැනමය...

:       0       105

de silva Friday, 23 August 2019 11:29 AM

ප්‍රශ්නයකට තිබෙන්නේ ඡන්දෙකට කලින් දේශපාලකයෝ රට සංවර්ධනය කරන බවට කොපමණ පොරොන්දු දුන්නත් අන්තිමට සංවර්ධනය වෙන්නේ ඔවුන් සහ ඔවුන්ගේ සහචරයන් රට යන්නේ දිනෙන් දින වල පල්ලට, මේවා දකිනකොට අපිට හිතෙනවා එංගලන්තේ සුද්දා අපට නිදහස නොදී අපිව පාලනය කලානම් කොපමණ හොඳද කියලා, එහෙම වුණානම් අපිත් අයිතිවෙන්නේ එක්සත් රාජධානියට අඩුම තරමේ නීතියවත් හරියට ක්‍රියාත්මක වේවි...!!!

:       0       106

Kamal Kaldera Friday, 23 August 2019 11:49 AM

පොඩ්ඩක් ඉන්න තෝරනකන් තමාව. බලයෙන් ගන්න බලන්නේ නැතුව. නායකයකු ළඟ තිබිය යුතු ලක්ෂණයක් නොවේ...

:       126       60

thilakasiri Friday, 23 August 2019 11:51 AM

ජනපති මෛත්‍රිපාල වගේ කයිවාරු කෙලින්න දක්ෂ වුණාට මෛත්‍රී වගේම බල ලෝභයෙන් පක්ෂ නායකයාටත් අංචි අදින නරුමයෙක් කියලා නම් එදා ඉඳලාම ඔප්පුකරල තියනවා මිසක් රටේ පාලන ක්‍රියාවලියේ කිසිම වැදගත් මෙහෙවරක් කර ඇති බවක් දැනගන්න නැහැ. එච්චර අංචි අදිද්දීත් නායකයාගේ මහත්මා ගුණය නිසා නිදහස් පක්ෂයේ දියුණුවට කළහැකි දෙයක් කරන්න ඉඩදීලා තිබීම බයාදුකමක් කියලා හිතලා රජයේ වියදමින් නොදියුණු පළාත්වල දුප්පතුන්ට ගිනිපෙට්ටි වගේ ගෙවල් ටිකක් හදලා විවෘත කිරීම්වලදී මහා ඉහළින් ජනමාද්‍ය සංදර්ශන පැවැත්වීම රටේ පාලනය කියලා හිතාගෙන 70 දශකයට ගැලපෙන දේශපාලන භූමිකාවක් රඟමින් හීන පිරිසකුත් එකතුකරගන 2015 මැතිවරණයට පෙර පක්ෂ කාර්යාලය ඇතුළු නායක කාරකාදීන්ට ගල්මුල් ගැහැව්වා වගේ 2015 බලයට පැමිණ ඒ නායකයා ඇතුළු පිරිස ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කල හපන්කම් නිසාම දිනන්න තිබෙන මේ අවස්ථාවේත් පක්ෂෙ නායකත්වයට නොසලකා බලෙන් ජනපති වෙන්න හදන නුසුදුස්සෙකු දිනවන්න රටේ බුද්ධිමත් ජනතාව කිසිවිටකත් කැමති නැති බව දැනගත්තොත් හොඳයි.

:       9       207

Lion Friday, 23 August 2019 01:14 PM

මෙයා පරණ දේශපාලකයන් වගේ අරක දෙනවා... මේක දෙනවා කියනවා දෙන විදිය කියන්නෑ. ඔබ ගැන මිනිසුන්ගේ විශ්වාසයක් නැහැ. බොරු කතා කාරයෙක් වගේ තමයි... ඔබ අපට පෙනෙන්නේ..

:       100       209

යාපා Friday, 23 August 2019 01:19 PM

සාමාන්‍ය පෙලත් අසමත් උසනම් සිකුරිටි... මිටිනම් කම්කරු කියන රටේ සල්ලි මාධ්‍ය සංදර්ශනවලට කාබාසිනියා කරන නිධන් හොරෙක් සුරංගනා කතා කියන අපූරුව..

:       206       284

RaveendraFriday, 23 August 2019 03:55 PM

ඔබ විසින් සඳහන් කර ඇත්තේ සත්‍ය බැවින් ඒ පිළිබඳව අප ඔබට ස්තුතිවන්ත වෙන්නෙමු. වැඩි දෙනෙකු අද ඊයේ ඉපදුණු අය ලෙස මොහු පිළිබඳව තප්පුලන බව නම් ස්ථිරයි. මෙයා "නිධන් වදුල පොත් පිංචය" හොඳින් පරිශීලනය කළ බව දන්නෝ දනිති. එපමණක් නොව වන උද්‍යානවල නිලමැස්සන් සමග දඩයමේ ගිය හැටිත් දන්නෝ දනිති. දැන් මෙයා බබා.. හතර පෝයට අට සැරයක් සීල සමාදානයේ යෙදෙන සත්ගුණවත් අය...

:       406       115

Prabha Friday, 23 August 2019 02:56 PM

එහෙමනම් පිනට කන්න බොන්න දීලා සංවර්ධනය වූ ලෝකයේ පළමු රට ලංකාව වේවි...!!!

:       165       225

Sugath Premalal Saturday, 24 August 2019 04:44 AM

අහිංසක ජනතාවට සිහින මාලිගා මවලා ජනාධිපති වෙන්න බැහැ.. අපි නොවැම්බර් වල බලාගනිමු..

:       0       104

sirisena Saturday, 24 August 2019 05:23 AM

පොර ටෝක්....

:       0       1

Chanak los angeles Saturday, 24 August 2019 05:52 AM

මෙහෙම පොරොන්දු ඇහෙනවිට මට නම් දැනෙන්නේ සරුවත් සාගරයක් මතින් මස්කට් නැවක් පාවෙලා යන මිහිරක්... ඒ තරම් මිහිරි පොරොන්දු..

:       220       256

kamal Saturday, 24 August 2019 08:55 AM

මෙදා සැරේ නම් මෙතුමාගෙන් අපිට හඳෙන් ගෙනාපු හාල් ලැබේවි නොමිලේම...

:       0       27

Chanak los angeles Saturday, 24 August 2019 08:42 PM

මේ ක්‍රමය මෙච්චර කලක්ම සඟවාගෙන හිටියනේ මේ මනුස්සයා ඉතින් ? කොහෙද දෙයියෝ ඕක සඟවාගෙන හිටියේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 525 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site