IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සෙවනපිටිය ඉසෙඩ් ඩී ඇලේ සොරොව්ව අසළ මළ සිරුරක්

(නිමල් ජයරත්න)
 
වැලිකන්ද සෙවනපිටිය හරහා ගලා බසින ඉසෙඩ්.ඩී. ප්‍රධාන ඇලේ සොරොව්ව අසළ තිබි අද (24 )  පස්දරු මවකගේ මළ සිරුරක් සොයා ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
 

මෙලෙස මියගොස් ඇත්තේ මනම්පිටිය නැගෙනහිර මහවැව අංක 45 ලිපිනයේ පදිංචිව සිටි 74 වියැති කේ.ඩී. ප්‍රේමලතා යන පස්දරු මවක බව පරික්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය පවසයි.
 
24 වෙනිදා අලුයම තුනට පමණ එම මව අතුරුදහන් වි ඇති බව හදිසි දුරකථන ඇමතුම් අංශයට පවුලේ සාමාජිකයන් විසින් දන්වා ඇති බවත් පසුව මේ පිළිබද සොයා බැලිමේදි 24 වෙනිදා උදැසන දියනෑමට ගිය කිහිප දෙනෙකු විසින් මෙම මවගේ මළ සිරුර සොරොව්වේ සිර වි ඇති බවට පොලිසියට දැනුම් දිමක් කල බවට පොලිසිය පවසයි.
 
ඒ අනුව එම මළ සිරුර ගොඩට ගෙන පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කිරිමට නියමිත බවත් මෙය දියේ ගිලි මියයාමක්ද නැතහොත් ඝාතනයක්ද සම්බන්ධයෙන් සොයා බලන බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලසන්ත බණ්ඩාර මහතා අප කල විමසිමකදි සදහන් කලේය.
 
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මතාගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලසන්ත බණ්ඩාර මහතා ඇතුලු පොලිස් නිලධාරි කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ සිදු කරයි.


 
 

 



අදහස් (0)

සෙවනපිටිය ඉසෙඩ් ඩී ඇලේ සොරොව්ව අසළ මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 663 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site