(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිනීමැරුම්, කප්පම් ගැනීම් හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් සිව්දෙනෙකු නවගමුවේදී අද(03) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
එම සැකකරුවන් සමඟ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2160ක්, කේරළ ගංජා ග්‍රෑම් 31ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 372ක් පොලිසිය බාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව, සංවිධානාත්මක අපරාද මර්දන ඒකකය, විශේෂ කාර්ය බලකා යතුරුපැදි කණ්ඩායම සමඟ එක්ව මෙම වැටලීම කළ බව පොලිසිය කියයි.
දැඩිගමුව අක්කර 10 පාසල් මාවත, රනාල සියඹලාගස් හන්දිය, රනාල වලව්වත්ත, නවගමුව කොරතොට, වැයික්කවත්ත යන ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
නවගමුව දේවාලය අවට මෙවැනි සංවිධානාත්මක කල්ලි ඉන්න බව නම් ඇත්ත. මගේ පොඩි පුතාගේ කර මාලේ නැති වුනා ඔය දේවාල භූමිය තුලදී අපි පුජා වට්ටි හද හද ඉද්දි. පොලීසි ගානේ රස්තියාදු වෙන්න බැරි නිසා ඒක අත ඇරලා දැම්මා. නමුත් දේවාලේ ආරක්ෂාවට හිටපු ආරක්ෂක මහතුන්ට දැන්නුවා. සෙනඟ වැඩි නිසා මොකුත් කරගන්න බැරි වුනා. මගේ දරුවට අනතුරක් නොවී හොයාගන්න පුළුවන් වුන එක වටිනවා කර මාලෙට වැඩිය. ඒ වගේම කැළණි පන්සලෙත් මෙවැනි අය සැරිසරනවා. එදා වැසි දවසක් පන්සලට ගිය වෙලාවක ගෑනු කෙනෙක් කුඩේ ඉල්ලා ගත්තා වැසිකිලියට ගිහින් එන්නම් කියලා. ආ ගිය අතක් නැහැ ඒ ගෑනි. කුඩේ අශාවත් අත හැරියා එදා. මෙවැනි දේ තව කොතෙකුත් මිනිසුන්ට වෙනවා ඇද්ද ?
පාතාලය වඳ කරමු.