(ඉන්දිකා රාමනායක)

යතුරු පැදි තුනකින් පැමිණ මග හරස් කර ජල්තර ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී  තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු  හබරකඩ ප්‍රදේශයේ දී බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු දැනට ඩුබායි  හි  සැඟව සිටින  සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන "චමී" නැමැත්තා  ගේ    ගෝලයකු බවත් ඔහු විසින් ඩුබායි සිට මෙම අපරාධය මෙහෙයවා ඇති බවටත් තොරතුරු හෙළි වූ බව හෙළිවූ බව පොලිසිය පවසයි.

සැකකරු තවත් තිදෙනකු සමඟ මෙම අපරාධය සිදුකර එහි වීඩියෝ පටයක් චමී නැමැති සැකකරු වෙත යවා ඇති බවද පොලිසිය කියයි .

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම පිටිපන ප්‍රදේශයේ පදිංචි 35:හැවිරිදි පුද්ගලයෙකි .