(එෆ්.අස්ලම්)
ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එම්.කේ.සිවාජිලිංගම් මහතා එම සන්ධානයේ සහ ටෙලෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
සිය ස්ථාවරය සහ තීරණය පිළිබද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානයේ ලේකම් ශ්‍රීකාන්තා වෙත අද (3)වනදා ලිපියක් යොමු කරමින් සිවාජිලිංගම් මහතා මේ බව අවධාරණය කොට ඇත.
තමන් ජනපතිවරණය සදහා තරග කිරීම මුල් කරගනිමින් තමාට එරෙහිව පක්ෂයට පටහැනිව කටයුතු කීරීමේ චෝදනාවක් එල්ල කර විනය ක්‍රියාමාර්ගයක් ගෙන තිබීම මත තමාම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව සිවාජිලිංගම් මහතා විසින් පක්ෂය වෙත යොමුකර ඇති ලිපියේ සදහන් කර ඇත.
සිවාජිලිංගම් මහතා ටෙලෝ සංවිධානයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුනු බවත් ඔහු පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් විමෙන් දෙමළ ජාතික සන්ධාන සාමාජිකත්වයෙන්ද ඉවත් වන බවත් ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා ලංකාදීපයට පැවසීය.
COMMENTS
නියමයි අඟේ ඉඳන් කණ කන්න හදන හැමෝටම කරන්න ඕනේ නෙරපන එක. මෙයාගේ කොන්දේ ටිකක් හරි පණ තියෙන හින්දා මෙයා ඉල්ලා අස්වුණා. දෙපිට කාට්ටුවෝ හිටියොත් කොයියම්ම දේකින්වත් ප්‍රතිඵල ලබාගන්න බැහැ. ඔවුන් විසින්ම ඔවුන් විනාශවීම තමයි හොඳ...
මෙයා එකඑක කතා කිව්වට හොඳ මනුස්සයා.. වේලාවට ඉල්ලුවා. මෙහෙම තමයි දේශපාලනේ කරන්න ඕනේ.
ඔබ මේ රටේ පළවෙනි දෙමළ ජාතික විධායක ජනාධිපති බවට පත්වීම කිසිවෙකුටත් නැවත්විය නොහැකියි.
මොකක් කිව්වත් මෙයත් සල්ලි වලට කහින කෙනෙක් තමයි. යාපනේට කෝචිචි යන්න දෙන්න එපා දෙමළ මුදලාලිලාගේ බස් දුවන්න දෙන්න කිව්වා මතකද? පොදු ජනයා ගැන හිතන කෙනෙක් නොවෙයි.