IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


සේවක කප්පාදු කිරීම් ගැන වාර්තාවක් ඉල්ලයි

(විනීතා එම් ගමගේ)
 
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වැඩ බිම් හා සේවා ස්ථානයන්හි හිතුමතේ සේවක කප්පාදු කර ඇති බවට ලැබී ඇති පැමිණිලි ගැන සතියක් ඇතුළත වාර්තාවක් සපයන්නැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර මහතාට නියෝග කර ඇත.
 
මේ වනවිට පැමිණිලි 50 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවට තොරතුරු ඇති බැවින් එකී පැමිණිලි සම්බන්ධව මෙන්ම ඒවා සම්බන්ධව මේ වනතෙක් කම්කරු දෙපාර්තමේන්තුව මෙතෙක් ගෙන ඇති පියවර ගැන ද වෙන වෙනම තමන් වෙත වාර්තා කරන්නැයි ද කම්කරු අමාත්‍යවරයා නියෝග කර තිබේ.
 
 කිසිදු සේවකයෙකු ඉවත් නොකිරීමට මාර්තු මාසයේ පැවැත්වූ කොවිඞ් 19 කම්කරු කාර්ය සාධක බලකා රැස්වීමේ දී හාම්පුතුන් එකඟ වූ නමුත් විවිධ ආයතන, මේ වනවිට හිතුමතේ සේවක පිරිස් එළියට දමමින් සිටින බවට ඉකුත් දා පැවති කම්කරු කාර්ය සාධක බලකායේ රැස්වීමේ දී වෘත්තිය සමිති විසින් කරන ලද පැමිණිලි අනුවය.
 
මේ සම්බන්ධව තම සමිති විසින් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කළත් මේ වනතුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද වෘත්තිය සමිති විසින් අමාත්‍යවරයා වෙත පැවැසීම නිසා අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.
 
 මේ අතර රජය හාම්පුතුන්ට මේ මාසය දක්වා අවසර ලබා දුන් සේවකයින්ට අඩ වැටුප් ගෙවීමේ ක්‍රමය දෙසැම්බර් මාසය දක්වා දික් කරන ලෙස හාම්පුතුන්ගේ සංගම් කළ ඉල්ලීම අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළ බව කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
 
සංචාරක ක්‍ෂෙත්‍රය හැර අනෙක් අංශ මේ වනවිට යථා තත්ත්වයට පත්වෙමින් ඇති බැවින් අඩ වැටුප් ඉල්ලීමට පක්ෂව අමාත්‍ය මණ්ඩලයට කරුණු කිව නොහැකි බව අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේ යැයි කී එම නිලධාරියා තම නිෂ්පාදන කටයුතු තවමත් පහත වැටී පවතින්නේ නම් ඒ බව තහවුරු වන දත්ත සහ සංඛ්‍යා ලේඛන මීළඟ සාකච්ඡාවට ඉදිරිපත් කරන්නැයි ද ඒ වෙනුවෙන් යම් සාධාරණයක් ඉටුකරන්නට කම්කරු අමාත්‍යංශය සළකා බලන බව ද ඔහු සඳහන් කළේ යැයි ද කීය.  

 



අදහස් (1)

සේවක කප්පාදු කිරීම් ගැන වාර්තාවක් ඉල්ලයි

Anoma shanthi Friday, 29 October 2021 12:15 PM

මේ දේ ඉක්මණටම හොයා බලනවා නම් ගොඩක් හොඳයි. මේ ගැන ඉක්මණටම හොයාබලන්න... මැරිලා වැඩගත්තු අපිට ලොකු අසාධාරණයක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 94 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site