IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සේවකයන්ට ගෙවන වන්දිය ඉහළ නැංවීමට අනුමැතිය

(ඩයනා උදයංගනී)

සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරු හේතුවෙන් මරණයට සහ ආබාධිත තත්වයට පත්වන සේවකයන් වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදල් ඉහළ නැවීමට හැකි වන පරිදි සේවක වන්දි ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ අනුව දැනට සේවක මරණයක දී සහ නිත්‍ය පුර්ණ බෙලහීනතාවයක දී ගෙවන වන්දි උපරිමය වන රුපියල් 5,50,000 රුපියල් ලක්‍ෂ 20ක් දක්වාත්, තාවකාලික බෙලහීනතාවයක දී ගෙවන වන්දිය රු 5,500ක උපරිමය රුපියල් 47,500ක උපරිමයක් දක්වා වැඩි කෙරෙන බව ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

මේ අනුව 1934 අංක 19 දරන කම්කරු ආඥා පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවත්, අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවූ බවත් ගම්මන්පිල මහතා පැවසීය.



අදහස් (2)

සේවකයන්ට ගෙවන වන්දිය ඉහළ නැංවීමට අනුමැතිය

fairoos Wednesday, 19 January 2022 02:11 PM

ආණ්ඩුවට සල්ලි තියෙනවා වගේ එහෙනම්...!!! 

:       1       4

PradeepWednesday, 19 January 2022 02:28 PM

ඕවා මොනාද..? අච්චු ගහලා දෙන එකනේ..

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site