IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


සිල් මාතාව පැහැරගෙන දූෂණය කළැයි හිමිනම - රියදුරු රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

හතළිස් තුන් හැවිරිදි සිල් මෑණියක රංචු ගැසී දූෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිමිනමක සහ හිමි නමගේ රියදුරා  පෙබරවාරි මස 1 දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු  ජානක සමරසිංහ මහතා අද (23) නියෝග කළේය.

සැකකාර රියදුරා එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ද තවදුරටත් නියෝග කළේය.

මෙසේ බන්ධනාගර ගත කෙරුණේ පදවිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධීපති හිමිනමක් සහ රියදුරෙකි.

රිමාන්ඩ් බාරයට පත් කෙරුණු මෙම සැකකාර හිමිනම පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය  හමුවේ පවතින ළමා අපයෝජන නඩුවකද විත්තිකරුවෙකි.

සිද්ධියට මුහුණ පෑ සිල් මෑණියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර රෝහලේ සිට රාගම මහ රෝහලට පිටත් කරනු ලැබීය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ පොලිස් සැරයන් (31486) ලලිත් නන්දසේන මහතා සඳහන් කළේ පසුගිය 16 වැනි දා මෙම සිල් මෑණියන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති වෛද්‍ය සායනයකට පැමිණ ඇති බවයි.

අනතුරුව සැකකරුවන් සිල් මෑණියන් එම මෝටර් රථයෙන්ම අනුරාධපුර මාර්කට් පෙදෙස අසළ දමා ගොස් ඇති බවත්  සිල් මැණියන් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරිනියක සමඟ අනුරාධපුර පොලිසියට පැමිණි මේ පිළිබඳව පැමිණිලි කළ බවද  අධිකරණයට සැල කළ සැරයන්වරයා සැකකරුවන්  සිදුකර ඇති බව කියන මෙම අපරාධය පිළිබඳව ජනතාව කෝපයටත් කම්පාවටත් පත්ව ඇති බවත්  කීය.



අදහස් (16)

සිල් මාතාව පැහැරගෙන දූෂණය කළැයි හිමිනම - රියදුරු රිමාන්ඩ්

දිමුත් Wednesday, 23 January 2019 10:29 AM

මේ රටේ ශාසනය සංගායනාවක්වත් කරලා හදන්න බැරි තරම් පිරිහිලා.

:       617       259

naradha Wednesday, 23 January 2019 10:30 AM

මහනායක ස්වාමින්වහන්සේලා දේශපාලනය ගැන මෙන්, මේ සිද්ධිය ගැනත් ප්‍රකාශනයක් නිකුත් කරන්නේ නම් මැනවි.

:       573       281

පෙරුමාල්Thursday, 24 January 2019 03:18 AM

ගැහැණුන් සැපයීම සඳහා පිම්පිවරුන්ගේ සංගමයක් පිහිටෙව්වොත් නරකද? පොඩි ගාස්තුවක් අය කළාට කමක් නෑ... ඒකත් රජයෙන් ගෙවාවි.

:       0       31

BamunuarachchiThursday, 24 January 2019 04:37 AM

ප්රුමාල්ටම ඒ ජොබ් එක අරන් දෙන්නම්. රනිල් ජොබ් එක කරන විදිහ කියලා දෙවි.

:       7       2

sirimal Wednesday, 23 January 2019 11:11 AM

අවසරයි අපේ මහා නායක හාමුදුරුවනේ. මෙන්න ඔබ වහන්සේලා මැදිහත්වී අප්‍රමාදව විසඳිය යුතු වැදගත් කාරණාවක්. දේශපාලඥයින්ට උපදෙස් දෙන එක පස්සේ පුළුවන්.

:       480       513

varuna Wednesday, 23 January 2019 11:22 AM

දෙයියනේ සාසනයට ගිය කලක්

:       453       81

sandy123 Wednesday, 23 January 2019 12:51 PM

උපරිම දඩුවම් දෙන්න ඕනේ.

:       1       759

සෙනෙවි Wednesday, 23 January 2019 02:06 PM

සාසනේ නැතිකරන්න අන්‍ය ජාතිකයන් ද? බුදු දහම රකින්න අාණ්ඩුක්‍රම ව්‍යවස්තාව යොදාගත යුත්තෙ මේ වෙලාවට

:       106       638

සෙනෙවි Wednesday, 23 January 2019 02:06 PM

සාසනේ නැතිකරන්න අන්‍ය ජාතිකයන් ද? බුදු දහම රකින්න අාණ්ඩුක්‍රම වයවස්තාව යොදාගත යුත්තෙ මේ වෙලාවට,

:       0       1

jim kuru Wednesday, 23 January 2019 02:58 PM

බුදුදහමට නිග්‍රහයක් උපරිම දඬුවම් දෙන්න

:       2       62

බුද්ධික කලංසූරිය Wednesday, 23 January 2019 03:02 PM

සිවිල් නීතිය අනුව කටයුතු කරාම ඇති. මහනායක ස්වාමීන්වහන්සේලාට අඬගහන්න මේක ජාතික ප්‍රශ්නයක් නෙවෙයිනේ අනික මේක ශාසනික ප්‍රශ්නයකුත් නෙවෙයි.

:       6       478

du Wednesday, 23 January 2019 04:18 PM

බුදුන් දෙසු ඒ මහා විනාශය ආරම්භ වෙලා. මීට වඩා තවත් අප්‍රසන්න දේ නැත. දියණියක මෙලොවට බිහිකර ලීමට කාලය නොවේ මෙය. අසූචි පිරි ලොවක් මෙය. කොසොල් රජු දුටු සිහින 16 සිහිවේ. අහෝ ....

:       0       72

Sapumal.Thursday, 24 January 2019 12:57 AM

ඔබතුමා නිවැරදියි.ශාසනය භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසටම හිමි දෙයක්. මෙය නොදන්නා බොහෝ දෙනා සමහරුන් ශාසනයට කරන වරද ගැන මුනිවත රකිනවා. එයින් ශාසනය වැනසෙනවා. සිල්වතුන් යට ගොස් දුසිල්වතුන් ජය ලබනවා. වගකිවයුතු අය තම වගකීම් ඉවතලා ප්‍රශ්න වලට බියෙන් සුවසේ වැඩ වෙසෙනවා. කිසිම හිරිකිතයක් නැතිව දේශපාලන වාසි ලැබීමට දේශපාලකයන්ට ආවඩනවා. අනේ දෙවියනේ ශාසනයකට ගිය කල !!!

:       0       102

Thilina Dilshan Wednesday, 23 January 2019 05:33 PM

අනේ මන්දා

:       0       0

prabha Wednesday, 23 January 2019 06:45 PM

du මේ අපි දකින්නේ අපි ජීවත්වෙන ශ්‍රී ලංකික සමාජයේ හරස්කඩක් මිස බුදු සසුනේ පිරිහීමක් නොවේ

:       37       2

abaran Thursday, 24 January 2019 03:45 AM

මම හිතන්නේ හිමිනම කියනවාට වඩා චීවර ධාරියා යනුවෙන් සඳහන් කිරීම සුදුසුයි කියලා.බුදු දහමට කවදාවත් කිසිම අයුරකින් මෙවැනි ක්‍රියාවන්ගෙන් පහරක් ගැසීමට නොහැක.අපි ඔවුන් දෙස බැලිය යුත්තේ තවත් පුහුදුන් පුද්ගලයෙකු දෙස බලන ආකාරයෙනි.චීවරයක් ඇඟලූ පමණින් හෝ සද්ධර්මය කට පාඩම් කල පමණින් යමෙකුගේ රාගාධික සිත නිෂ්ක්‍රීය වන්නේ නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1527 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 486 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site