(පාලිත ආරියවංශ සහ සමන් පාලිත නානායක්කාර)
සංචාරකයන් දෙදෙනෙකු සමග ඇල්ලේ සිට කොස්ලන්ද දියලුම දියඇල්ල නැරඹීමට පැමිණි 29 හැවිරිදි තරුණයෙක් අද(23) දවල් දියලුම දියඇල්ලට ඉහළින් ඇති උඩ දියලුම ජල වලකට වැටී මියගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි.
ඔහු සෙල්ෆි ජායාරූපයක් ගැනීමට සැරසෙද්දී මෙම අනතුරට මුහුණ පා තිබේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ඇල්ල පදිංචි ගයාන් වීරසිංහ නැමත්තෙකි.
මෘත දේහය ගොඩගැනීම සඳහා කටයුතු කරන බව කොස්ලන්ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඇතැම් තරුණ තරුණියන්ට ස්මාර්ට් ජංගම දුර කතන ලැබෙනවා කියන්නේ වඳුරට දැලි පිහිය ලැබුනා වගේ වැඩක්.
දැන් ඉන්න මේ "කොට්ටෝරු " තරුණයෝ පන එපා කියලයි සෙල්ෆි ගහන්නේ ගහන්න ගිහින් ඇන ගන්නවා මේවා බලලා ඉන්න කෙනෙක් වත් හැදෙන්නේ නැහැ.
කිසිම දෙයක පරිහරණය ගැන දැනීමක් නැති ජාතියක්!