අජිත්ලාල් ශාන්තඋදය
ලෝක උරුම සිංහරාජ වනාන්තරයෙන් කෘමීන්, සමනලයන් සහ ශාක වර්ග සහ ශාක බීජ රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත් ස්ලෝවැකියානුවන් පස්දෙනා නැවතී සිටි ලැගුම්හලේ තිබී තවත් කෘමි සහ සමනල වර්ගවල කොටස් කිහිපයක් සොයා ගත් බව වනසංරක්‍ෂණ නිලධාරීහූ කියති.
රත්නපුර වැඩබලන මහේස්ත‍්‍රාත් ප‍්‍රියංකා ගුණවර්ණසූරිය මහත්මිය විසින් නිකුත් කළ සෝදිසි වරෙන්තුවකට අනුව මෙම ලැගුම්හල පරීක්‍ෂා කළ බව වනසංරක්‍ෂණ නිලධාරීහූ පැවසූහ.
ශාක හා සත්ත්ව කොටස් රැගෙන යාමට ගිය ස්ලෝවැකියානුවන් පස් දෙනා මේ වනවිට රිමාන්ඩ් බාරයේ පසුවෙති.
ඔවුන් නැවතී සිටි ලැගුම්හලේ කාමරවල තිබූ යම් දේවල් වනසංරක්‍ෂණ නිලධාරීන් පරීක්‍ෂාවට ලක්කරන අවස්ථාවේ පුලූස්සා තිබූ බව ද නිලධාරීහු කීහ.
සොයාගනු ලැබූ කෘමි කොටස් ද පිලිස්සීමට ගෙන යද්දී වැටී තිබූ ඒවා බවට සැක කරයි. ඒවා පිළිස්සුවේ ලැගුම්හලේ අය ද රිමාන්ඩ් භාරයට පත්කර ඇති විදේශිකයන් ද යන්න පිළිබඳව විමර්ශන අරඹා තිබේ.
2025 දෙසැම්බර් මස 18
682
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්ලෝවැකියානුවන් සිටි ළැගුම්හලෙන් තවත් සත්ව කොටස් සොයා ගනී
පිටිගල මිලානෝ Monday, 04 February 2019 03:03 PM
මෙම මංකොල්ලයට දැන්වත් තිත තැබිය යුතු නිසා ලෝකෙටම පේන්න මේ අයව පුළුවන් තරම් චෝදනා ගොනුකර අවුරුදු 10 කට විතර ඇතුළට යවන්න. ඇසිය යුතු කාරණයක් ඇත. මේ අයව රිමාන්ඩ් කරන්නත් මහබැංකුව කඩපු කෙනාව රිමාන්ඩ් නොකර රට පනිනකල් බලා ඉන්නත් හේතුව කුමක්ද..?