(කේෂර ගුණතිලක)
තැපැල් ඡන්දය ප්‍රකාශකිරීම සඳහා අද(7) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි යුද හමුදා සෙබළෙකු සළකුණු කළ ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කරමින් සිටියදී මැතිවරණ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය වරුණගම යුද හමුදා කඳවුරේ සේවය කරන, කොලොන්න පොලිස් බල ප්‍රදේශයේ පදිංචි ඡන්දදායකයෙකි.
තැපැල් ඡන්දය ප්‍රකාශකිරීමට නියමිත දිනයන්හිදී ඡන්දය ප්‍රකාශ නොකිරීම නිසා අද(7) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර මැතිවරණ කාර්යාලයට පැමිණ ඔහු තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇත.
ඡන්ද පත්‍රිකාව දුරකථනයෙන් ඡායාරූප ගත කරන අයුරු මැතිවරණ නිලධාරීන් දැක ඒ බව සහකාර මැතිවරණ කොමසාරිස් ඉන්දික ගයාන් පතිරණ මහතාට දැනුම්දීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන මොනරාගල පොලීසියට බාරදී ඇත.
මොනරාගල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සලකුණු කළ ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගත් සෙබළා අත්අඩංගුවට