
(සුජිත් හේවාජුලිගේ )
සැර කොරෝනා වයිරස ප්‍රභේද පැතිරෙමින් තිබෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිය නිවෙස්වලට වී කාලය ගත කරන්නැයි මෙම නව කොරෝනා වයිරස ප්‍රභේද පිළිබඳව පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම සැර කොරෝනා වයිරස ප්‍රභේද නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු නිශ්චිත ස්ථාන කිහිපයකින් දැනට හමුවී ඇතත් මේවා සමාජයට පැතිර නොයා වී යයි සිතිය නොහැකි බව ද ඔහු කීය .
මෙම ඉන්දියානු හා බ්‍රිතාන්‍ය වයිරස ඉතා වේගයෙන් පැතිරෙන ප්‍රභේද දෙකක් බවත් බ්‍රිතාන්‍ය ප්‍රභේදයේ සංකූලතා වැඩි බවත් ආචාර්යවරයා හෙළි කළේය .
මොන සැර ප්‍රභේද ආවත් ඒවා තමන්ගේ ඇඟ ඇතුළට නොගැනීම සියලු දෙනාගේ වගකීමක් බව කී චන්දිම ජීවන්දර මහතා නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමෙන් වයිරස පරාජය කළ හැකි බවද කීවේය .
මුව ආවරණ නිසි පරිදි පැළඳීම , සබන් යොදා නිතර අත් සේදීම හා දෑත් පිරිසුදු කරන විසබීජහරණ දියර පාවිච්චිය කොරෝනා වයිරසයෙන් ගැලවීමට තිබෙන ප්‍රධාන මෙවලම් බවද හෙතෙම ප්‍රකාශ කළේය .
මේ අතර නව කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ කටයුතු වේගවත් කර ඇතැයිද ඒ සඳහා අවශ්‍ය උපකරණ කට්ටල රැසක් ලබාගෙන ඇතැයි ද ජීවන්දර මහතා පැවසීය .
COMMENTS
මේ වගේ දැනුම් තේරුම් ඇති අය කියන දේ වත් ඇහුවොත් හොදයි අපේ මිනිස්සු.
මොනවා කලත් වැඩක් තියෙනවද ? මේ සියලුම ප්‍රභේද අරගෙන එන්නේ පිටරටවලින්. පලමුවෙන්ම කල යුත්තේ පිටරටින් එන අය සම්පූර්ණයෙන් නැවැත්වීමයි. නැත්නම් මීටත් වඩා දරුණු වයිරස් ප්‍රභේද රට තුල බෝවෙන්න පුලුවන්. මේ රට ඉන්දියාවෙ වගේ දහස් ගනනින් මරා දමන්නද මේ ලෑස්ති වන්නේ.
ආචාර්යතුමනි, "සැර කොරෝනා ප්‍රභේද ඉතා වේගයෙන් පැතිරෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිය නිවෙස්වලට වී කාලය ගත කරන්නැයි " කන්නලව් කර සිටියට පිලිපදින්නෙ නැති නිසා, විරුද්ධ උනත් තත්ත්වය ඉතා බරපල නිසාත් සම්පූර්නයෙන්ම රට සති 2ක් ප්‍රවාහනය නවතා, වෙළඳ සැල් සියල්ල වසා දැම්මොත් හොඳ නැද්ද..
අනේ මන්ද අපේ සයන්ටිස්ලාගේ දැනුම ගැන හරිම අපැහැදිලියි. වයිරසයක ප්‍රබේදයක පැතීරීම සාපේක්ෂව වැඩිනම් එහි හානිදායක්වය පැතිරීම අඩු වයිරසයට වඩා අඩුයි නේද.?
මෙම තත්ත්වය තවමත් තේරුම් නොගත් පිරිස් ඉන්නවා. ආණ්ඩුව දිහා බලාගෙන ඉන්නේ නැතුව තමන් මෙම තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියාත්මක වීම වැදගත්. අනුන්ගෙන් යැපෙන මානසිකත්වයෙන් මිදෙන්න දැන්වත් සිතා ගත යුතුයි.
කොවිඩ් එන්නත් වලටත් දේශපාලනය ගැවිලා. බටහිර සහ චීනය-රුසියාව ප්‍රමුඛ රටවල් අතර කඹ ඇදිල්ලක්. රටවල් මේ එනනත් නිසා බෙදිලා. ජනතාව අසරණ කරලා. ලංකාවෙත් මේ මාෆියාව රජ කරන බව පහුගිය දවස් වල පෙණුනා. ඩොලර් වලට යටවුන වෛද්‍ය කල්ලියක් ජරා වැඩ කරනවා. මෙයත් ජනතාව අවබෝධ කරගත යුතුයි.
කොරෝනා පාලනය ගැන පරීක්ෂණ කරන ඔබලා වැනි අයට පින් අයිති වෙනවා.
ඕවා අපිට කියලා වැඩක් නැහැ