IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සරසවි සිසුන්ට සහන පොලී මත බැංකු ණය

(රංජන් කස්තුරි)

විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන විද්‍යාර්ථීන්ට සහන පොලී මත බැංකු ණය නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මීට ඉහතදී ද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ නමුත් ඉකුත් යහපාලන ආණ්ඩුව එම ණයදීම නතර කර තිබූ බවද නව රජය එම වැඩපිළිවෙල යළිත් ක්‍රියාත්මක කරන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

ආර්ථික දුෂ්කරතා ඇති විද්‍යාර්ථීන්ට එම බැංකු  ණය නිකුත් කරන බවද ඇමැතිවරයා කීය.



අදහස් (12)

සරසවි සිසුන්ට සහන පොලී මත බැංකු ණය

chandima Friday, 03 January 2020 03:38 PM

අර ඇමෙරිකාවේ වගේ ඒ සහන පොළිය උපාධිය ලබා රැකියාවක් ලැබෙන තුරුම පවත්වාගෙන යන්න බැරිද..?

:       10       126

ටි ඉන්දික Friday, 03 January 2020 03:38 PM

උසස් අධ්‍යාපනයට ණය නිකුත් කලේ යහපාලන ආණ්ඩුව.. උපාධියට අවශ්‍ය සියලු මුදල් නිදහස් කළා.. රැකියාවක් ලැබීමෙන් පසු තමයි ආපසු ගෙවන්න තියෙන්නේ.. මෙයාලා ආව ගමන් නතර කරලා වෙන ණයක් ගේන්න හදනවා. දුන්නු ණය ඇයි අනුමත කරන්න බැරි..? ඒකනේ ළමයින්ට තියන පහසුම ණය ක්‍රමය.. කාලකනන්නි විදියට මේවා නෑ කියලා මේ මහ ලොකු උගතුත් කියනවනේ..

:       310       570

SujeewaFriday, 03 January 2020 07:00 PM

ඉන්දික මහත්තයෝ, කොයි ලෝකෙක, කොයි රටේද ඔබතුමා කියන ඔය යහපාලන ආණ්ඩුව තිබ්බේ? අඟහරු ලෝකේ තියෙන ඊළමේද? පෘථිවියේ තිබෙන ශ්‍රී ලංකාවේ තිබ්බ යහපාලන = ජරාපාලන ආණ්ඩුව යටතේ නම්, එහෙම ණය පටිපාටියක් තිබුණේම නැත. එකක් නම් සිද්ධ වුණා. රටේ දළ ජාතික අාදායමෙන් 6%ක් අධ්‍යාපනයට දෙනවා කියලා ඇවිත්, පාසල් නිල ඇඳුම් වලටත්, මහින්දෝදය පරිගණක විද්‍යාගාර 1,000 ටත් කෙලලා ගියා.

:       0       0

මුණසිංහSaturday, 04 January 2020 12:34 AM

ඔය කියන්නේ පුද්ගලික විශ්ව විද්‍යාලවලට හඳුන්වා දීපු ණය ක්‍රමය ගැන. බන්දුල කියලා තියෙන්නේ ඊට බාහිරව රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිසුන්ටත් දැනට දෙන ශිෂ්‍යාධාරවලට අමතරව ණයකුත් නිකුත් කරන ක්‍රමයක්. හැබැයි ඒකත් අර ක්‍රමයටම උපාධිය ලබාගත් පසු නැවත අය කරන ක්‍රමයක් කළ යුතු වෙනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කර නැහැ.

:       0       0

Ruwan Friday, 03 January 2020 04:21 PM

වැඩි විස්තර තියෙන වෙබ් සයිට් එකක් තියනවාද?

:       0       64

denin Saturday, 04 January 2020 12:12 AM

මහපොළ ශිෂ්‍යත්ව මුදල් සාධාරණව බෙදී නොයන බව පෙනෙනවා. මේ නිවැරදි කිරීමට අදායම් බදු නොගෙවන සියලුම දෙමාපියන්ගේ විශ්ව විද්‍යාල සිසුන්ට මහපොළ දෙන්න...

:       0       0

රවින් Saturday, 04 January 2020 12:43 AM

හොඳ වැඩක්. ණය ආපසු ගෙවීමේ කාල සීමාව? ඕනේට වඩා ඉඩ දුන්නොත් කෙලින්ම බොල්ණය වෙනවා. අනික තමයි ඉක්මනින්ම රැකියාවන් සොයාගන්න උනන්දු නොවෙන එක... වැදගත්ම දේ තමයි උසස් අධ්‍යාපන කාලය තුළ අනවශ්‍ය පෙළගැසීම් වලට නොයෑම... හැකි ඉක්මණින්ම තම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කර රැකියාවකට පෙළඹීම. නැතිනම් පුහුමාන්නයෙන් ඉඳගෙන ඉතා ඉහළ මට්ටමේ රැකියා බලාපොරොත්තුවෙන් කාලය කාදමාවි...

:       0       0

Renuka Saturday, 04 January 2020 03:29 AM

ඇමතිතුමා බොරු කියන්නේ මොකද? ණය දුන්නේ ගිය රජයෙන්නේ. ළමයි කීදෙනෙක් ණය නිසා උසස් අධ්‍යාපනය ලබනවද?

:       65       271

fofofo Saturday, 04 January 2020 04:53 AM

වෙබ් සයිට් එකේ ලින්ක් එකක් සමගම නිව්ස් එක දාන්න.

:       0       0

Nanda Saturday, 04 January 2020 05:54 AM

පසුගිය රජයෙන් පොලිය නැතිව උසස් අධ්‍යාපනය සඳහා ණය ලබා දුන්නා. පාඨමාලාව වසන් වී රැකියාවක් ලැබුණාට පසුව අවුරුදු 5,7 ක් තුළදී ආපසු ගෙවිය යුතු පරිදියි. නමුත් ජනාධිපතිවරණය ප්‍රකාශ වූවාට පසුව මෙය නවතා තිබෙනවා. ඉල්ලුම කළ සිසුන්ට තවම ණය මුදල ලැබී නැත.

:       0       53

සංජීව Saturday, 04 January 2020 05:57 AM

මේ වගේ අය එක්ක කොහොමද රට හදන්නේ..? කවුරු කරත් හොඳ වැඩේ ඒ විදිහටම කරගෙන යන එක තමයි හරි... එ්ක ඒ ආණ්ඩුවද? මේ ආණ්ඩුවද? කියලා වැඩක් නෑ.

:       0       33

killa Saturday, 04 January 2020 07:35 AM

ආ... පොඩි වෙනසයිනේ තියෙන්නේ... ගිය ආණ්ඩුව පොලී රහිත ණයක් දීලා රැකියාවක් ලැබිලා වසර 5න් පමණ ගෙවන්න.. මෙයාලා දෙනවා සහන පොලී ණයක් .... ඉගෙන ගන්න ගමන් ගෙවන්න... හරි හරි තේරුණා. මාරයිනේ අලුත් ප්‍රතිපත්ති..

:       0       69

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site