IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සරසවි සේවක වර්ජනය තාවකාලිකව අවසන්

(ප්‍රින්ස් රත්නායක)

විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව මගින් ආරම්භ කර තිබූ සේවක වර්ජනය  තාවකාලිකව අවසන් කළ බව විශ්ව විද්‍යාල විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී ප්‍රදීප් රත්නායක මහතා පැවසීය.

අද ( 11 ) පස්වරුවේ උසස් අධ්‍යාපන ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා සහ  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වෙනුවෙන් උපසභාපති මහාචාර්ය ඊ. එස්.එම්. ගුණරත්න මහතා  සමඟ වැටුප් කොමිෂන් සභා සංශෝධිත නිර්දේශ අද සිට මසක්  ඇතුළත දී ක්‍රියාත්මක කිරීමට එකඟතා ගිවිසුමක්  අත්සන් කිරීමෙන් පසුව  මෙම විශ්වවිද්‍යාල සේවක වර්ජනය අවසන් කරනු ලැබීය .

ජනාධිපතිවරයා සමඟ 10 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී එම කැබිනට් තීරණ මසක් තුළ ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබිණි. මෙම වර්ජනය හේතුවෙන් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය මාසයක කාලයක් අකර්මන්‍යව තිබිණි.



අදහස් (2)

සරසවි සේවක වර්ජනය තාවකාලිකව අවසන්

H.M.Nawarathna Banda Saturday, 12 October 2019 04:30 AM

සමස්ත විශ්ව විද්‍යාල ප්‍රජාවට ජයවේවා...!!! මොකද වර්ජනය නිසා සේවකයන්, ආචාර්යවරුන් සහ සිසුන් සියලු දෙනාම පීඩාවට පත්විය. මින් ඉදිරියට මෙවන් විපතක් විශ්ව විද්‍යාල පද්ධතියට නොවේවා... මේ කප තිබෙනතුරු තෙරුවන් සරණයි සැමට...

:       4       9

ගාමිණී Sunday, 13 October 2019 01:04 AM

තාවකාලිකව අවසන් කරලා මේ මාසෙ පඩිය ගමු. ඊට පස්සේ ආයෙ වර්ජනය කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site