
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකා-කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.
නව වැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා(21) පැවැත්විණ.
ශ්‍රී ලංකා කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිදිගොඩ මහතාද උප සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.ජී පොන්නම්බලම්, ඩයනා ගමගේ, ඉෂාක් රහුමාන් යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ.
මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීදරන් මහතා ද උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියද තේරී පත්වූ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කීය. ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතාද මේ අවස්ථාවට සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd