
(අමදෝරු අමරජිව හා සුදත් බද්දේගෙදර)
චෙන්නායි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි කොවිඩ් 19 ආසාදනය විම නිසා අපවත්වු සේරුවිල මංගල රජමා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝණායක හිමිගේ ආදාහන කටයුතු ශ්‍රි ලංකා වෙලාවෙන් ඊයේ (12) පස්වරු 07.30ට චෙන්නාහිදි සිදු කර ඇත.
අවසන් කටයුතු සිදුකරණ අවස්ථාවේ සේරුවිල මංගල රජමහ විහාරයේදි පැන් වඩා පාංශකූල කටයුතු සිදු කෙරිණි.
ත්‍රිකුණාමලය මහා මයාපුර ශ්‍රි සිද්ධත්ථාරාමාධිපති දොඩම්දුවේ සිරි ධම්මානන්ද අමරපුර කල්‍යාණ වංශ මහා නිකායේ උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝණායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ආගමික වතාවත් පැවැත්වුහ.
මුතූර් ගල්කන්ද රජමහා විහාරාධිපති බලල්ලේ රතනසාර හිමි ඇතුලු ශීෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සේරුවිල මංගල රජමහා විහාරස්ථ චෛත්‍යවර්ධන සමිතිය, දායක සභාව මෙම පාංශුකුලයට සහභාගි වුහ.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබද්දි අක්මා බද්ධයක් සදහා ඉකුත් මාර්තු මස අවසන් සතියේ ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුලුත් වු මෙත්තාරාම නායක හිමියෝ ඒ සදහා මුලික ප්‍රතිකාර ලබමින් සිට ඇතැයි මෙරට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පැවසුහ.
කොවිඩ් 19 වෛරසය ඉන්දියාවේ පැතිරි යද්දි ශල්‍ය කර්මය කල්ගිය අතර එහිදි නායක හිමියන්ට කොවිඩ් 19 ආසාදනය වි ඉකුත් මැයි 11 දා ඉන්දියාවේ වේලාවෙන් රාත්‍රි 10.40 ට පමණ අපවත් වුහ. අපවත් වන විට උන්වහන්සේ 60 වන වියේ පසුවිය.

2025 දෙසැම්බර් මස 18
548
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සේරුවිල නාහිමිගේ ආදාහන පූජෝත්සවය ඉන්දියාවේදී සිදු කරයි