(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සියලුම රාජ්‍ය ආයතනවල සියලුම කාන්තා නිලධාරිනියන් සාරිය හා ඔසරිය පමණක් හැද රාජකාරියට පැමිණිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගේ අත්සනින් යුතු ලිපියකින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තුමේන්තු ප්‍රධානින්ට ලිපියකින් දන්වා තිබේ.
රාජ්‍ය පරිපාලන හා ආපදා කළනාකරණ අමාත්‍යංශ ලේකම්වරයා මේ බව දන්වා ඇත්තේ රජයට අයත් සියලුම කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් බව එම ලිපියේ ශීර්ෂ පාඨයේ සඳහන් කර ඇත.
1989.2.1 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 8/ 89 අමතරව සියලුම රාජ්‍ය නිළධාරින්ට අදාළ වන පරිදි මෙම චක්‍ර ලේඛනය නිකුත් කර තිබේ.
එය 2019.4.29 දින නිකුත් කරන ලද අංක 2121/1 සහ 2019.5.13 දින නිකුත් කරන ලද අංක 2123 / 4 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර එහි සදහන් නියෝග සියලුම රාජ්‍ය ආයතන තරයේ පිළිපදින ලෙසට දන්වා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කවුද හිතුවේ..? ත්‍රස්තවාදීන.. රටක් හොඳ මගකට හරවන්න පුළුවන් කියලා... හි..හි. දැන් තේරුම්ගන්න පුළුවන් නේද...? අපේ රට.. අනේ මන්දා..?
ඇත්තටම ඔසරිය අපේ කාන්තාවන්ට ගැලපෙන, ඒ වගේම වෙන කොයි රටකවත් දක්නට නැති කොච්චර ලස්සන ඇඳුමක්ද?
බොහොම හොඳයි.
ඒක නම් ඉතාමත් හොඳ තීරණයක්... සමහරු කලිසම් ඇඳන් එනවා තනිකර නිරුවතින් ඉන්නවා වගේ...
මේ විදියට කොන්ද කෙලින් තියාගෙන තීන්දු තීරණ ගන්න කොට ආණ්ඩුව ගැන පොඩි ලෙන්ගතුකමක් ඇතිවෙනවා. මේවා කියන්නේ බොක්කෙන්ම.
ඇත්තටම සාරි පටලවාගෙන කොහොමද රටක් දියුණු කරන්නේ? ෆීල්ඩ් එකේ යද්දී සාරි ඇඳන් යන්නේ කොහොමද? මේ වගේ වැඩකට නැති වැඩ විතරයි කරන්න පුළුවන්....
ඉතාම වටිනා තීරණයක්. කාන්තාවන්ට ගැලපෙනම ලස්සනම ඇඳුම තමයි ඔසරිය. ඊළඟට සාරිය. මෙවැනි ඇඳුමින් සැරසුණු කාන්තාවට ගෞරවනීය අභිමානයක් එකතුවෙනවා.
මේකෙ 3(IV) අනුව යටින් සාරිය ඇදලා උඩින් බුර්කාව අඳින්නත් පුලුවන්නේ... අපේ අය නීති නවන නැමිල්ලට එ්කත් බැරි නැහැ...
ඕක නැගෙනහිර පළාතේ ගෝනිබිල්ලන්ටත් අදාලද? දන්නේ නැති නිසා අහන්නේ... මොකද ඒ පැත්ත අරාබියට ළඟ නිසා!
එතකොට පිරිමි අයත් අඳින්න ඕනේ ඒකද?
පොදු ප්‍රවාහන සේවාවල, ඒ වගේම මෝටර් සයිකල්වල එන කාන්තාවන්ට මේක කරදරයක්. සාරි පොට රෝදයේ පැටලිලා මරණ පවා වෙලා තිබෙනවා. වඩා වැදගත් විය යුත්තේ කරන රාජකාරියට පහසු ඇඳුමක් ඇඳීමයි. හැබැයි මේ තීරණය එක්ක ඉන්දියාව නම් ගොඩක් සතුටු වෙයි, මොකද සාරි ගොඩක් විකුණගන්න හැකි නිසා.
සාරිය, ඔසරිය හොඳයි පෙනී ඉන්නට නම්. ඒත් පොදු ප්‍රවාහන සේවාවල, ඒ වගේම මෝටර් සයිකල්වල එන කාන්තාවන්ට මේක කරදරයක්. සාරි පොට රෝදයේ පැටලිලා මරණ පවා වෙලා තිබෙනවා. වඩා වැදගත් විය යුත්තේ කරන රාජකාරියට පහසු ඇඳුමක් ඇඳීමයි. හැබැයි මේ තීරණය එක්ක ඉන්දියාව නම් ගොඩක් සතුටු වෙයි, මොකද සාරි ගොඩක් විකුණගන්න හැකි නිසා.
දැන් බලන්න රටේ ප්‍රධානතම ප්‍රශ්නය මේ සාරි ප්‍රශ්නය නිසා මේ කරදරෙත් මෙවැනි තීරණ නිසා ඉවරයි. තව ටික දවසක් යනකොට ළමා සාරිය අනිවාර්ය කරයි. දැන් සුද්දෝ වුණත් රාජ්‍ය සේවයේ වැඩකරනවා නම් සාරිය අඳින්න ඕනේ... ඉන්දියාවට කොච්චර බැන්නත් දැන් සාරි නිසා ශේප්...
රාජකාරියට ආයෙත් ආගම ගාවා ගත්තා. එතකොට තමයි රාජකාරිය අලවෙන්නේ...
මේ හැටියට අහවල් උදවිය..., හැමදාම හිත හොඳ අය වෙලා ඉඳීවිද?
මේකට හරි ලස්සන උදාහරණයක්, ත්‍රස්තයෙක්ගෙන්.. කනේ පහරක් කාපු.. සිංහල කාඩ්බෝඩ් වීරයෙක්.. ගෙදර ගිහින්.. තමන්ගේ බිරිඳට.. කන පැලෙන්න ගැහුවා වගේ දෙයක්..! එ්ත් මේ අවනඩුව කාට කියන්නද?
සාරිය හොඳයි කියන මහත්වරු දන්නවද දන්නේ නෑ මේ වගේ උෂ්ණ රටකදී සාරිය කොච්චර අපහසු ඇඳුමක්ද කියලා, යාර 06ක් ඔතාගන්න උදේට කොච්චර කාලයක් අපතේ යනවද කියලා... ඒක ඇඳන් බස් එකේ, කෝච්චියේ, බයික් එකේ යන එකේ අමාරුව කොහොමද කියලා. අනිත් කාරණය තමයි සාරිය නිසා අනතුරු ඇතිවෙලා තිබෙන බව, බයික්වල යනකොට සාරිපොට රෝදයට අහුවෙලා කොයිතරම් අනතුරු වෙලා ඇත්ද? මේ නීති හදන අය කාන්තාවන්ට එවන් අනාරක්ෂිත ඇඳුමක් අඳින්න කියන්නේ කොහොමද?
උසාවියට මෙය ඇලජික්...
සමහර තරුණියන් වගේම ශරීරයෙන් අඩක් වහගෙන කොණ්ඩෙ කඩාගෙන යන කාන්තාවන් ගැනත්...
ජාතික ඇඳුම අඳින්න කිව්වා. එ්ක හොඳයි නැතිනම් මොඩ්ලින් කරන අයවගේ. විනාඩියෙන් විනාඩියට නානා ප්‍රකාර ඇඳුම් ඇඳගෙන තාලෙට ඇවිදිනවා. වැඩේ කෙසේවෙතත් තවටිකක් ගියානම් කට්ටිය බුර්කාවත් ඇඳගෙන කඩුවත් අරන් එයි. මුදලට සේරම යටයිනේ...
සමහරු කියනවා සුද්දෝ එන්න කලින් ගැහැණු හිටියේ උඩුකය නිරුවතින්ලු, එ්ක කාන්තා නිදහසලු, මොවුන් ඉතිහාසය දන්නෙත් නෑ. වර්තමානයේ දන්නෙත් නෑ ඉතින් මොවුන්ට අනාගතයකුත් නෑ.. මහත්තයෝ දන්නවා කියලා පෙන්නන්න ගොන්පාර්ට් දාන්න එපා. ඒ කාලේ හැම කන්තාවක්ම එහෙම හිටියේ නෑ. එහෙම හිටියේ සමාජයේ පහත් කියලා කියපු කුලවල අය.. ඒ ගොල්ලන්ට සමාජයෙන් තහනම් කරලා තිබුනේ උඩට ඇඳුම් අඳින්න. නැතුව ඔය කියන බම්බු නිදහස නෙවෙයි, ගල්කිස්සේ ලවිනියගේ කතාව කියවද්දී තේරෙනවා ඒකාලේ ඒ කාන්තාවෝ මොනතරම් පීඩනයකින්ද ඉඳලා තියෙන්නේ කියලා...
වැඩක් කරගන්න එන අයට එම වැඩේ කොහොම හරි කරලා දෙන්න ඕන කියල නීතියක් ගේන්න අමාරුද? බහුබූත කරන්නේ නැතුව...
මම ඉන්නේ යුරෝපේ රටක.. ඔය කාන්තා නිදහස හොදටම තියෙන රටක. හැබැයි සේවා ස්ථානයට අදින්න ඕනේ ඒ නියමිත ඇදුම විතරයි.. ඕනේ ඕනේ දෙයක් අදින්න බැහැ. විශේෂයෙන් රජයේ සේවා ස්ථානයක් නම් එකට අදාල dress code එකක් තියෙනවා. ඔය රවී වගේ අයගේ නොදන්නාකම නිසා තම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයත් සාර්ථක නොවෙන්නේ.. එයාල හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන්ට හිතෙන හිතෙන දේ කරන්න පුළුවන් කියල එක එහෙම නැහැ.. රටක නීතියක් වගේම සම්මතයක් තියෙනවා. ඒ දෙකෙන්ම කරන්න සමාජය හිමවන එක. ඒ හික්මීම ඕනේ රටක දියුණුවට.. ජපානය වගේ රටක සම්මතය ප්‍රබලයි නීති වලට වැඩ.. එහෙමයි රටක විනය හැදෙන්නේ..
එයාලා ඇවිල්ලා නිදාගන්න නිසා නයිටිය අන්දමු .
පය බරවායට පිටකර බෙහෙත් බැන්දාසේ
"ත්‍රස්ත බුර්කාව" තහනම් කරන්න ගිහින් තමයි.. මේ, අපේ වගකිව යුත්තෝ "සාරියකුයි, ඔසරියකුයි" හොයාගෙන ඇවිල්ලා ඉන්නේ.. මේ වගේ කාලකන්නි, බුද්ධිමතුන් ඉන්නේ අපේ රටේ පමණයි... !
වැදගත් තීරණයක්.... ලාංකීය අනන්‍යතාවය තවදුරටත් රැකගන්න අවස්ථාවක්...
සාරියට කලින් මහජනයාට විනීතව කතා කරන්න පුහුණුවක් දීලා, වෙලාවට රාජකාරී කරන්න අනිවාර්ය කරන්න. වෙනදාට පරක්කු වෙලා වැඩට එන නෝනලාට දැන් ඉතින් සාරි අඳින්න ගිහින් පරක්කු වුණා කියලා කියන්න පුළුවන්.
අපේ රෝහල් කාර්ය මණ්ඩලවල ඉන්න අය අතර ඉන්නවා ඉක්මනින් ඇඳුම් මාරුකරගෙන ශල්‍යාගාරයට යන ඒ වගේම ඉක්මනින් ආයෙත් ඇඳුම් ඇඳගෙන ක්ලිනික් එකට, වාට්ටුවට දුවන අය. ඒ වගේම උදේ දුම්රියේ අමාරුවෙන් එල්ලිලා එන අය. කොහොමටත් පය බරවායට පිටිකර බෙහෙත් බැඳලනේ අපේ පාලකයින්ගේ පුරුද්ද...
පරිපාලන සේවයේ 3 වැනි ශ්‍රේණියේ සමහර නිලධාරිනියන් කලිසමකින් හා ටී ෂර්ට් වලින් සැරසිලා කාර්යාලවලට එනවා. ඒ අතරම තවත් කොටසක් කාර්යාලවල නම හංවඩු ගැසූ ඇඳුම් ඇඳ බදාදා දිනයේත්, නගරයේත් කඩපිලක් ගානේත් රස්තියාදු ගහනවා. ඇත්ත නැත්ත බැලීමට කැමති කෙනෙකු 122 මාර්ගයේ බදාදා දිනක ගොස් බලන්න. වර්තමානයේ රාජ්‍ය සේවකයින් පමණක් නොව උසස් නිලධාරීනුත් රාජ්‍ය සේවය අපකීර්තියට පත්කරනවා.
එසේම වැසි දිනවලදී දණහිස දක්වා හෝ ජල මට්ටම අනුව සාරිය උස්සගෙන යාමටද අවසර දිය යුතුය