IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිරියාවේ ගුවන් ප්‍රහාර වලින් 17 ක් මරුට

සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ නගර හතරකට සෙනසුරාදා (11) එල්ලවූ ගුවන් ප්‍රහාර වලින් 17 දෙනෙකු මිය ගොස්  40කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

කැරලිකරවන්ගේ පාලනය යටතේ පවතින ඉඩ්ලිබ් පළාතට ඉරානයේ සහ රුසියාවේ සහයෝගය සහිතව සිරියානු හමුදා විසින් ප්‍රහාර එල්ල කරයි.

කැරළිකරුවන් සතුව පවතින අවසාන භූමි ප්‍රදේශය වන ඉඩ්ලිබ් පළාත නැවත අත්පත් කර ගැනීම සිරියානු රජයේ අරමුණ වන අතර පොදු සමාකාලයක් සඳහා දින නියම වී තිබියදී මෙම ප්‍රහාර එල්ලවී තිබේ.

ඉඩ්ලිබ් නගරයේ 7 දෙනකු ද නයිරාබ් නගරයේ සිව් දෙනකු ද බිනිෂ් නගරයේ හතරදෙනකු ද මියගොස් ඇත.

ප්‍රදේශයේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන පවසන්නේ මියගිය අය අතර ළමුන් හය දෙනකු සිටින බවයි.

ගුවන් ප්‍රහාර වලට බියෙන් පසුගිය සති කිහිපය පුරා ඉඩ්ලිබ් පළාතේ දස දහස් ගනන් පිරිස් තුර්කි දේශ සීමාව ආසන්නයට පලාගිය බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම ගුවන් ප්‍රහාර සම්බන්ධව සිරියානු රජය කිසිදු තොරතුරක් ප්‍රකාශයට පත්කර නොමැති අතර ත්‍රස්ත ඉලක්ක වලට එල්ල කළ වෙඩි ප්‍රහාර වලින් කැරළිකරුවන් පිරිසක් මරා දැමූ බව සඳහන් කර තිබිණි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

සිරියාවේ ගුවන් ප්‍රහාර වලින් 17 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site