තුර්කියෙන් සිරියාව වෙත එල්ල කරන ප්‍රහාර වහාම නැවැත්විය යුතු බව ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් මහතා පවසයි.
ඇමරිකානු හා තුර්කි ජනාධිපතිවරුන්ට තමා දුරකථනයෙන් කථාකර මේ බව දැනුම්දුන් බවද දිගින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් එමගින් මානුෂීය අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
"මෙම ප්‍රහාර නැවැත්විය යුතු බව අපේ පොදු අපේක්ෂාවයි. මෙවැනි ආක්‍රමණ හේතුවෙන් මානවවාදී ගැටලු නිර්මාණය වීම වැළැක්විය නොහැකියි. එමෙන්ම අයිඑස් සංවිධානය කලාපයේ නැවත මතුවීමටත් උපකාරයක් වෙනවා," යැයි ප්‍රංශ ජනපතිවරයා අවධාරණය කර ඇත.
ප්‍රංශයේ එලිසි මන්දිරයේදී ජනාධිපතිවරයා මාධ්‍ය අමතමින් මෙම අදහස් පළකර ඇති අතර එම අවස්ථාවට ජර්මන් කුලපති ඇන්ජෙලා මාර්කල් මහත්මිය ද හංගේරියානු අගමැති වික්ටර් ඕබන් මහතා ද සහභාගී වී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

2025 දෙසැම්බර් මස 04
461
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
463
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරියාවට එල්ල කරන ප්‍රහාර නවත්වන්නැයි ප්‍රංශ ජනපති කියයි