(යොහාන් භාසුර සහ මතුගම බන්දු තඹවිට)
දක්‍ෂිණ අධිවේගී මාර්ගයට පහළින් පිහිටි පාලමක් අසළදී ඉත්තැපාන පොලිසියේ සැරයන්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනකු අද (23) අත්අඩංගුවට ගත්තේ යැයි පොලිසිය පැවසීය.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය (1) සැකකරුවන් සිවුදෙනකු ද, ඉත්තැපාන පොලිසිය සැකරුවකු ද, අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් පරෙයිගම, ගලතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඉත්තැපාන පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරු 57 හැවිරිදි පුද්ගලයකු බවත් ඉත්තැපාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුරේෂ් තරංග මහතා පැවසීය.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා ඊයේ පස්වරුවේ ඉත්තැපාන පොලිසියට බාරදීමට නියමිත බවත් ඉන් පසුව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බවත් ඉත්තැපාන පොලිස් ස්ථානාධිපතිවරයා කීය.
COMMENTS