IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


“සිරිමතීපාය” විවෘත කරයි

(ඩයනා උදයංගනී)

කොළඹ, මල් පාරේ පිහිටි නවීකරණය කරන ලද “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ සිදුකෙරිණි.

මෙහි සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා අනතුරුව කාර්යාල පරිශ්‍රයේ තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පූජා කළේය.

ඉන්පසු ජනාධිපතිවරයා නිල ලේඛනයකට අත්සන් තබමින් එහි රාජකාරී ආරම්භ කළේය.

නවීකරණය කරන ලද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රදර්ශනයට තබා ඇති ඡායාරූප ද නැරඹූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම කාර්යාල පරිශ්‍රය ද නිරීක්ෂණය කළේය.

කාර්යාලයේ නව රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කරමින් මුල් දින කවරයක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ.

ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා මහතා විසින් සිය පුත් ශ්‍රීමත් ඇල්බට් අර්නස්ට් ද සිල්වා මහතා වෙනුවෙන් වර්ෂ 1916 දී ඉදිකර ඇති මෙම දෙමහල් මන්දිරය එතුමාගේ අභාවයෙන් පසු වර්ෂ 1960 දී පවුලේ සාමාජිකයන් විසින් රජයට පවරා දෙනු ලැබිණ.

අධ්‍යාපන හා ගුවන් විදුලි අමාත්‍යාංශය, පළාත් පාලන හා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය ආදිය එකල සිරිමතීපායෙහි පවත්වාගෙන ගොස් ඇති අතර වර්ෂ 1978 දී අග්‍රාමාත්‍යවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා එහි අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටුවීය.

වසර සියයකට වඩා අධික “සිරිමතීපාය” පැරණි සැලසුමට අනුවම පූර්ණ නවීකරණයට ලක් කෙරුණේ වසර 44කින් පසුවය.



අදහස් (13)

“සිරිමතීපාය” විවෘත කරයි

සෙනවි Thursday, 20 January 2022 04:18 PM

මල විකාර... කරුණාකරලා පොඩ්ඩක් පාරට බහින්න සදළුතලේ ඉඳලා. ජනතාවට මේවාද ඕනෑ?

:       8       44

fairoos Thursday, 20 January 2022 04:18 PM

රටේ මිනිස්සුන්ට කන්න නැහැ... මේ අය බෝඩ්වල නම දාගන්න දඟලනවා.

:       12       31

SamanThursday, 20 January 2022 07:03 PM

කොහෙද ඇත්තටම කන්න නැති අය ඉන්නේ...? ඔයා දන්න අය ඉන්නවා නම් ලිස්ට් එකක් හදලා ජනාධිපතිට යවන්න..

:       28       8

ratetama kanne neeFriday, 21 January 2022 01:06 AM

කන්න නැති එවුන් ගැන උබේ මවගෙන් අහපිය​. පොහොට්ටුවට කඩේ යන අං වලිග නැති ගොන් පරපුරක ලින් මැඩියෙක්

:       0       2

KapFriday, 21 January 2022 09:11 AM

කනවා කියන්නේ බඩගින්නක් නිවාගන්න බත් ගුලියක් ගිලන එක නෙමෙයි කියලා ඔය වගේ පුන්නක්කු කන බයියන්ට තේරෙන්නේ නෑ. ඒ නිසා වේලක් හරි කාලා ඉන්නවනේ කියන බොරු බයිලා කියන්න එන්න එපා... මේ වැඩ බැරි ටාසන්ලාව රකින්න...

:       0       1

Nuwan Thursday, 20 January 2022 04:40 PM

කීයක් ගැහුවද දන්නේ නැහැ?

:       6       20

ravin Thursday, 20 January 2022 04:50 PM

පොඩ්ඩක් ඉන්න, මොලේ කචල් වේගෙන එනවද කොහේද? එතකොට අරලිය ගහ මන්දිරයේ තියෙන්නේ කාගේ කාර්යාලයද? දෙකේම නඩත්තුවට මුදල්? මේ ගොල්ලන්ට පරකාසේ, රටේ ජනතාවට මරගාතෙද? 

:       5       23

සෑම් Thursday, 20 January 2022 05:12 PM

ගිහින් බලන්න වගා පාළු වෙලා රට වටේ ගොවියන් විඳින දුක...!

:       10       23

duplicate Ralahamy Thursday, 20 January 2022 05:31 PM

ජනතාව බඩගින්නේ විලාප තියනවා. මේ අය සැප මදිවෙලා රටේ. තියෙන සල්ලි ටික වියදම් කරලා තව තව කාර්යාල, සුඛෝපභෝගී විමාන බවට පත්කරනවා.

:       8       28

Kumara Thursday, 20 January 2022 05:34 PM

දැන්නම් සැපයි නේ...

:       7       27

Don perea Thursday, 20 January 2022 07:37 PM

කෝ අර බතිකන මීහරක් සෙට් එක..?

:       4       19

Naushi Friday, 21 January 2022 08:21 AM

ඔය කිව්වේ අර බයියන්ගේ සෙට් එකේ බමුණු උන්නැහැ ගැනද...?

:       0       1

Rohan Friday, 21 January 2022 11:13 AM

වහල්ලු තවමත් නිදි... තව අවුරුදු 2කින් පටි තද කරගෙන දණින් වැටෙද්දී ඇහැරෙයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site