(සුජිත් හේවාජුලිගේ)
සුරාබදු නිලධාරීන් නිරෝධායන ඇඳිරි නීතිය මධ්‍යයේ රාජකාරි කිරීමට අවසර ලැබෙන ක්ෂේත්‍ර නිලධාරීන් යටතට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඇතුළත් නොකිරීම නිසා එම නිලධාරීන්ට පොලිස් මාර්ග බාධකවලදී විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවී ඇතැයි සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් වහා සොයාබලා කටයුතු කරන්නැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (23) ලිපියක් මගින් දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර මේ තත්වය යටතේ සුරාබදු නිලධාරීන් පොලිස් මාර්ග බාධකවලදි අපහසුතාවයට පත්වීම වැළැක්වීමට කටයුතු කරන්නැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පොලිස්පතිවරයාටද ලිපියක් යවමින් අද (23) ඉල්ලීමක් කළේය.
සුරාබදු නිලධාරීන් නිරෝධායන ඇඳිරි නීතිය මධ්‍යයේ රාජකාරි කළ යුතු ක්ෂේත්‍ර නිලධාරීන් යටතට ඇතුළත් නොකිරීම නිසා ඔවුන්ගේ රාජකාරි කටයුතුවලට විශාල බාධාවක් වී ඇතැයි දිවයිනේ විවිධ ප්‍රදේශවල සුරාබදු නිලධාරීන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇත.
මේ අතර නිරෝධායන අදිරි නීතිය මධ්‍යයේ සුරාබදු නිලධාරීන් රටපුරා මෙහෙයුම් දිගටම සිදුකරන බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.