IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


සිරිපා මළුවට දේවාභරණ වැඩමවීමට සීමා සහිත පිරිසක්

(අජිත්ලාල් ශාන්තඋදය)


උඳුවප් පුර පොහොය (29)  දිනයෙන් ආරම්භ වන මෙවර  සිරිපා වන්දනාවාරයේ සධාතුක කරඬුව සහ දේවාබරණ වැඩම කිරීමේ පෙරහර හතරම සීමා සහිත පිරිසක් පමණක් සහභාගි කරවාගෙන සම්පූර්ණ සෞඛ්‍ය නීති රීති අනුව පමණක් සිදුකරන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.


ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා මත  රත්නපුර දිස්ත්‍රික් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවති සාකච්ඡාවකදී මෙවර ශ්‍රීපාද වන්දනා වාරය සම්බන්‍ධයෙන් අනුගමනය කරන කටයුතු සම්බන්‍ධයෙන් තීරණ රැසක්  ගනු ලැබීය.


සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේ දී තීරණය කරනු ලැබුවේ වෙනදා මෙන් ම මෙවරත් සධාතුක කරඬුව සහ දේවාභරණ වැඩම කරවීම හැටන් නල්ලතන්නි, රත්නපුර ශ්‍රීපලාබද්දල, කුරුවිට එරත්න, සහ බළන්ගොඩ නල්ලතන්නි, යන මාර්ග හතරෙන්ම සිදු කිරීමටය.


ඒ අනුව දෙසැම්බර් 27දා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහ විහාරස්ථානයේ ආගමික චාරිත්‍ර සිදුකර 28දා ඉහත මාර්ග හතර ඔස්සේ පෙරහර හතරකින් සාධාතුක කරඬු සහ දේවාභරණ මලුවට වැඩම කරවනු ලබයි.


උඳුවප් පොහොය එලඹෙන 29දා සිරිපා මලුවේ පවත්වන මුල්ම අගමික වතාවත් වලින් අනතුරුව මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ වෙයි. එහෙත් මෙවර පෙරහර සමග සිරිපා මලලුවට ඇතුලුවීමට අවසර ලැබෙන්නේ තේවාව භාර ස්වාමීන් වහන්සේලාට, රාජකාරී මණ්ඩලයේ ගිහි පිංවතුන්ට, සෞඛ්‍ය සහ ආරක්‍ෂක අංශවල නිලධාරින්ට පමණක් බවට තීරණය කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරිය පවසන්නීය.


එලැඹෙන සිරිපා සමය තුල සිරිපා කරුණාකරන්නට බලාපොරොත්තු වන සියලු දෙනාම තමන් පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අවසර පත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය බවට මෙම රැස්වීමේදී තීරණය කරනු ලැබීය. පොලිස් නිලධාරීන් විසින් එම අවසර පත්‍ර නියමිත ස්ථානවලදී පරීක්‍ෂා කරනු ලැබීමට නියමිතය. එකී අවසර පත්‍ර නැති කිසිවෙකුටත් මෙවර සිරිපා වන්දනා කිරිමට අවසර නොලැබේ.


සෞඛ්‍ය උපදෙස් අනුව දුරස්බව තබාගෙන වන්දනා කිරිම අත්‍යවශ්‍ය අතර රාත්‍රී කාලයේදී කිසිම කෙනෙකුට උඩමලුවේ නවාතැන් පහසුකම් නොදීමට ද තීරණය කරනු ලැබීය. එසේම දිවා කාලයේ වුව ද උඩමලුවේ සිටිය හැකි බැතිමතුන්ගේ සංඛ්‍යාව 200ක උපරිමයක් වේ. උඩමලුවේදී මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇත.



අදහස් (0)

සිරිපා මළුවට දේවාභරණ වැඩමවීමට සීමා සහිත පිරිසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site