(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
ජංගම දුරකතනයක් තම සෙරෙප්පුවේ රහසිගත ව සඟවා බලන්ගොඩ නගරයේ කාන්තාවන් වීඩියෝ කළ තරුණයෙකු ඔක්තෝබර් (10) දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (07) නියෝග කළේය.
බලන්ගොඩ පුවක්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරැණයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඊයේ (06) බලන්ගොඩ නගරයේ ඉරිදා සතිපොළට එළවළු මිලදී ගැනීමට පැමිණි කාන්තාවන් මෙසේ වීඩියෝ කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මොහු සතුව තිබූ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී එවැනි වීඩියෝ විශාල ප්‍රමාණයක් හමුවී ඇති බවද පොලිසිය කියයි.
සැකකරු බලන්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වෙබ්සයිට් වලට දාලා මුදල් උපයන්න හුරුවෙලා ඉන්නවා. ස්වයන් රැකියාවක්
මොවුන් මානසිකව පුනරුත්ථාපනය කළයුතුයි දඬුවමකින් පසු...
මේක තමයි අපේ රටේ සංහිඳියාව...!!! " කාන්තාවන්ගේ ආත්මගරුත්වය සුරැකීම රජයේ, නීතියේ වගකීමක්..."
සොහොයුර,සොහොයුරියනි, මෙවැනි මානසික රෝගීන් මීට පෙර බොහො අතීතයේ දීත් ජීවත් වෙලා හිටියනිසාවෙන්න ඇති, " ඉස්ලාම් දහම අදහන " අරාබි යේ කාන්තාවන් තම සිරුර කිසිවෙකුට නොපෙනෙන සේ " බුර්කාව ඇඳුමට එක්කරගෙන තියෙන්නේ . මේ බව ඉස්ලාම් දහම් දෙසනාවල තියෙනවා. මිනිසුන්ගේ හැන්ගීම්. දැනීම් විවිධාකාරයි. බුදුදහමේ මෙයාකාරයට සඳහන්වන්නේ, " නානත්තකායා , නානත්ත සංඥා .
දැන් බලනකොට බලංගොඩ තරම් සමාජ විරෝධී ක්‍රියාවන් සිදුවන වෙනත් ප්‍රදේශයක් නැතිව ඇති.සතියකට දිනක් දෙකක් මෙවැනි දේ අහන්න ලැබෙනවා.