IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


සුරක්ෂා රක්ෂණාවරණයට දුන් කෝටි 243 ක් අවභාවිතා කරලා

(තිළිණි ද සිල්වා)

සුරක්ෂා රක්ෂණාවරණය සඳහා රජයේ අරමුදල් වලින් ලබා දී තිබූ රුපියල් මිලියන 2430ක මුදලක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්  කාරියවසම් සහ අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් අවභාවිත කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවර්ධන සහකාරවරයෙකු හා උපාධිධාරී රැකියාලාභීන්ගේ වෘත්තීය සංවිධානයේ ජාතික සංවිධායක ප‍්‍රසාද් මාරසිංහ මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්කි ලබා දෙමින් අද (13) පැවසීය.

සුරක්ෂා රක්ෂණාවරණය සඳහා ඉන්දියානු ප‍්‍රතිරක්ෂණ සමාගමකට ලබා දීමට තිබූ රජයේ අරමුදලෙන් මෙලෙස මෙම අමාත්‍යවරුන් අවභාවිත කොට ඇතැයිද හෙතෙම එම කොමිසම හමුවේ වැඩිදුරටත් කීය.

අධ්‍යාපන අමාත්‍යංශයේ සුරක්ෂා රක්ෂණාවරණයේ ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීය පිළිබඳ එම කොමිසම හමුවේ ගොනු වී ඇති පැමිණිල්ලට අදාළව  සාක්කි ලබා දෙමින් හෙතෙම මේ බව කීයා සිටියේය.

එහිදී ජනාධිපති කොමිසම හමුවේ අදහස් දැක්වූ ප‍්‍රසාද් මාරසිංහ මහතා පැවසූයේ මෙම රක්ෂණය සිසුන්ට ලබා දීම සඳහා වසරකට අධ්‍යාපන අමාත්‍යාංශයට වැයවී ඇත්තේ රුපියල් මිලයන 285ක් මුදල් ප‍්‍රමාණයක් වුවද , එම රක්ෂණාවරණයට බලධාරීන් විසින් රුපියල් මිලයන 2700ක මහජන අරමුදල් එක්රැස් කර ඇති බවය.

රුපියල් මිලියන 2700ක් වූ රක්ෂණ අරමුදලින් 2018 වසරේ මිලයන 50ක රක්ෂණාවරණ ගෙවීම මාස තුනක් ඇතුළත සිදු කෙරුණු බවද මාරසිංහ මහතා එම කොමිසම හමුවේ පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශයේ විසින් මෙහෙයවන සුරක්ෂා රක්ෂණාවරණය වෙනත් කිසිදු රක්ෂණ සමාගමකට නොදී අධ්‍යාපන අමාත්‍යංශයට තනිව මෙය මෙහෙවිය හැකි බව සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂවරයා සහ සුරක්ෂා රක්ෂණාවරණ කමිටුවේ සභාපතිවරිය අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්නද , ඔවුන් අමාත්‍යවරයාගේ තීරණයට අනුව කටයුතු කළ බවද ප‍්‍රසාද් මාරසිංහ මහතා කියා සිටියේය.

මෙම සුරක්ෂා රක්ෂණාවරණය නිසා සිදුවන අතිවිශාල වංචාව සම්බන්ධයෙන් ඉකුත් වසරේ ඔක්තෝබර් 26 න් පසුව ඇතිවූ දින 52 ආණ්ඩුවේ අධ්‍යාපන  අමාත්‍යවරයාව සිටි විජයදාස රාජපක්ෂ මහතා  විසින් හඳුනාගෙන එය වැළැක්වීමට අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ බවද මාරසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

එම අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවට කුමක් සිදුවී දැයි ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතා සාක්කිකරුගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු දුන් සාක්කිකාර මාරසිංහ මහතා කියා සිටියේ එම ආණ්ඩුව අවසන් වීමෙන් පසු එය ඉදිරියට ගෙන යාමට කිසිදු අවස්ථාවක් නොලැබුණු බවය.

එසේම ඊළග වසරේ අදාළ රක්ෂණ සැලසුම ආවරණය කිරීම වත්මන් අධ්‍යාපන ඇමතිවරයා ගිවිසුම් අත්සන් කර තිබූ බවද හෙතෙම වැඩිරටත් කියා සිටියේය.

මෙම පැමිණිල්ලේ වැඩිදුර විභාගය ලබන 21 දිනට කල් තැබිණි.

 



අදහස් (13)

සුරක්ෂා රක්ෂණාවරණයට දුන් කෝටි 243 ක් අවභාවිතා කරලා

Pradeep Monday, 13 May 2019 01:42 PM

වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව...

:       0       422

sana Monday, 13 May 2019 02:13 PM

කියන දේ පැහැදිලි නෑ. රක්ෂණ සමාගමකට නොදී අමාත්‍යාංශයට කරන්න හැකියි කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ රක්ෂණ ඒකකයක් තිබෙනවද? ඉන්දියානු සමාගමට සල්ලි දුන්නේ නෑ කියලා ඉන්දියාවට වඩා වෘත්තීය සමිති නායකයෙකුට රිදෙන්නේ ඇයි? රක්ෂණයක් ලබාගන්නේ වාරිකයක් ගෙවීමෙන් මිසක් රක්ෂණ වන්දි මුදල් අපි එකතු කරලා නෙවෙයි. එතකොට මොකද මේ 2700ක් එකතු කරා කියන්නේ..?

:       348       420

කකිල ආරියවසම් Monday, 13 May 2019 02:37 PM

පඩි වැඩි කිරීමක්වත් ඉල්ලා ගන්න ඕනේ. තව දවස් කීයක් දවස් පඩියට කොටන්නද.

:       108       101

BamunuarachchiMonday, 13 May 2019 04:30 PM

කොමිසමක් ඉදිරියේ ශාක්ෂි දෙන්නේ කොමිසම සාක්ෂි මෙහෙයවීම හා හරස් ප්‍රශ්න අසාවි. ඔබටයි මටයි නොතේරුනාට කොමිෂමට තේරෙනවානම් එය හොඳටම ප්‍රමාණවත්ය. අපි මොනවද කියන්නේ වෙන්නේ මොනවාද කියා බලාගෙන ඉමු නේද? මෙතන පලවුන පොඩ්ඩක් කියවලා ඕක තේරුම්ගන්න අපිට බැරිය.

:       78       44

sanaTuesday, 14 May 2019 06:16 AM

කොමිසමක් සාක්කි විභාග කිරීම රටේ මාධ්‍යයක පළ වෙනවා නම් පුරවැසියන් ලෙස එම මාධ්‍ය වාර්තාවල පැහැදිලි අරුතක් අප වෙත ලැබිය යුතුයි. එසේ නොමැති නම් ගහපු බෙරයකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ කියන්න තමයි වෙන්නේ.

:       0       0

sanaTuesday, 14 May 2019 06:16 AM

කොමිසමක් සාක්කි විභාග කිරීම රටේ මාධ්‍යයක පලවෙනවා නම් පුරවැසියන් ලෙස එම මාධ්‍ය වාර්තාවල පැහැදිලි අරුතක් අප වෙත ලැබිය යුතුයි. එසේ නොමැති නම් ගහපු බෙරයකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ කියන්න තමයි වෙන්නේ...

:       0       0

dumindaTuesday, 14 May 2019 05:11 AM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.... කතාව ඇත්ත කියන දේ පැහැදිලි නෑ... දූෂණ ගැන හොයන අය අධෛර්යමත් කරනවා නෙවෙයි...හැබැයි දේශපාලන කියවීම් අනුව රටේ සිදුවන හැම දෙයක්ම වැරදි දැකීමෙන් අනුමත නොකළ යුතුයි.......

:       19       21

Chanak los angelesTuesday, 14 May 2019 06:32 AM

නමුත් එකක් සාක්ෂි සහිතව පැහැදිලියි.. ලංකාව කිසිම සංවර්ධනයක් නැතිව එක තැනම පල්වෙවී තිබෙන්නේ රටේ සම්පත් ගසා කන නිසා කියා. මේ සම්පත් කළමනාකරණය බාරව ඉන්නේ දේසපාලකයෝයි.

:       0       0

Ranga Monday, 13 May 2019 02:54 PM

බෝම්බ ගහන් අස්සේ කට්ටිය සුද්දෙ වගේ...

:       131       116

යාපා Monday, 13 May 2019 04:04 PM

මුලදිම මේක ළමයිට ආදරේට කරන වැඩක් නෙමෙයි හොරකම් කරන්න කරන වැඩක් කියලා බුද්ධිමත් මිනිස්සුන්ට තේරුනා.

:       281       236

athuraTuesday, 14 May 2019 04:39 AM

හරි අපි බලමුකෝ මේකෙන් දැන් මෙයාලව වැරදි කරුවන් කරලා නඩු දානවද කියලා. මේවා දේශපාලන ගේම්...

:       0       0

sampath Tuesday, 14 May 2019 02:48 AM

ඒ කියන්නේ ලක්ෂෙ දෙනවා කිව්වට අන්තිමේ ඒකත් නැහැ..

:       0       0

Chanak los angeles Tuesday, 14 May 2019 06:43 AM

ලංකාවේ දුෂණ හොයන ජනාධිපති කොමිසන් හිසේ කෙස් ගානට තියලා ඇති . ඒවායේ අවසාන වාර්තා කොහේ ගිහින් හැන්ගෙනවාද දන්නේ නැහැ . අපොයි ඒවාට වියදම් කරලා තිබෙන මහජන මුදල් කන්දරාව ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28430 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10931 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 676 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 201 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site