IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘‘සිරකරුවන්ගේ ඉල්ලීම් අපට ඉටුකරන්න බෑ‘‘

(නිමන්ති රණසිංහ සහ ඡායාරූප ශාන්ත රත්නායක)

වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවයේ නිරත සිරකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට තමන්ට හැකියාවක් නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන්ගේ එම ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලිය යුත්තේ අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව පමණක් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තමන් ද නිදහස් කරන ලෙසට බල කරමින්.චැපල් වාට්ටුවේ රඳවා සිටින සිරකරුවන් 10 දෙනකු එහි වහලය මත නැග විරෝධතාවයක නිරත වන්නේ ඊයේ (20) පස්වරුවේ සිට

සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් 89 දෙනකු ඉකුත් 12 වැනි දාට යෙදී තිබුණු "සිරකරු දිනය" නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ නිදහස් කෙරුනි.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රැඳී සිටි සිරකරුවන් 10 දෙනකු බන්ධනාගාරයේ වහලයක් මත නැගී විරෝධතාවයක් ආරම්භ කළේ, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන ලෙස බල කරමිනි.

උපවාසයේ නිරත සිරකරුවන් සමග සිද්ධියට අදාළව බන්ධනාගාර කොමසාරිස්වරයකු සාකච්ඡා කර ඇති අතර ඔහු පෙන්වා දී ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඉටුකළ නොහැකි එකක් වන බවයි.

වහලයක් මත නැග විරෝධතාවයේ නිරත සිරකරුවන් 10 දෙනාට සහාය පළ කරමින් ඊයේ ( 20 ) රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් බහුතරයක් ආහාර වර්ජනය කර තිබුණු බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමට ලක්ව සිටින සිරකරුවන් 1,500 ක් පමණ වැලිකඩ චැපල් වාට්ටුවේ රඳවා සිටින අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් මත්කුඩු ජාවාරම්කරුවන් සහ දරුණු ඝණයේ අපරාධකරුවන් බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මුළු සිරකරුවන් ගණන 2,800 කට ආසන්න බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (6)

‘‘සිරකරුවන්ගේ ඉල්ලීම් අපට ඉටුකරන්න බෑ‘‘

පිටිගල මිලානෝ Tuesday, 21 September 2021 10:22 AM

සිරකරුවන් භාර ඇමති සිරකරුවන්ගේ හිසට පිස්තෝලෙ එල්ල කරන රටක ඔවුන් ගැන කවර කතාද? බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සිරකරුවන්ගේ පුනරුත්ථාපනය පිලිබදව දීර්ගකාලීන වැඩපිලිවෙලක යෙදී සිටියා නමුත් පුනරුත්ථාපනය කියලා ලියන්නවත් දන්නේ නැති ඇමතිලාත් එක්ක දක්ශ රාජ්‍ය සේවකයෝ කොහොමද වැඩ කරන්නේ?

:       0       0

kamal Tuesday, 21 September 2021 10:53 AM

මරණ දඬුවම ලබා තියෙන අයට ඒක ලබා දෙන්න...

:       0       5

RaveendraTuesday, 21 September 2021 12:14 PM

එහෙම කරන්න පුලුවන්ද ඔයාලත් පුදුම කතානේ කියන්නේ. මෙම සිරකරුවන් නිසා ජිවිත විනාශ උනේ අමනුස්සයෝට ඒ නිසා ඒ අමනුස්සයෝ ගැන අපිට වැඩක් නැහැ.

:       0       1

J p r Tuesday, 21 September 2021 01:26 PM

ඕක වුනේ දුමින්ද සිල්වා උපාසක මහත්තයා නිදහස් කරපු එකෙන්. මිනිහා එක්ක එකටම එල්ලුම් ගස් නියම වෙච්චි අනික් එවුනුත් තාමත් හිරේ. බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා.

:       0       1

Lalith M Tuesday, 21 September 2021 11:13 AM

ඒ අය හරි. කවුද ආදර්ශය දුන්නේ මෙහෙම වෙනන

:       0       0

godfrey Tuesday, 21 September 2021 01:31 PM

හරක් පාර්ලිමේන්තුවට ගොස් මිනීමරුවන්ව නිදහස් කරපු ඒවායේ ප්‍රතිඵලයි මේ... අසන්නට ඇත්තේ දැන් නුඹලාට සැපයිද හරකුනේ කියලා පමණයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 512 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 313 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site