(නිපුන් ගරුක)
සය නිවුන් දරුවන්ගේ සහ ඔවුන්ගේ මවගේ සුව දුක් විමසා බැලීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට අද (25) පස්වරුවේ පැමිණ තිබිණ.
පසුගිය ඔක්තෝබර් 21 වැනිදා අලුයම දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංග මරවනාගොඩ දෙමාපියන්දාව සය නිවුන් දරුවන් මෙලොව එළිය දුටු අතර ඔවුන් අතර පිරිමි දරුවෝ තිදෙනෙකු හා ගැහැණු දරුවෝ තිදෙනෙක් සිටිති.
සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසූ අග්‍රාමාත්‍ය ආර්යාව අනතුරුව ඔවුන්ගේ මාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූ බව දැනගැනීමට ලැබිණි.
දරුවන් සහ මාපියන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමූ අග්‍රාමාත්‍ය ආර්යාව ඉදිරියේ දී ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මැදිහත් වන බව දැනුම් දුන්නාය.
මෙම අවස්ථාවට නයින්වේල්ස් රෝහලේ කළමණාකාර අධ්යක්ෂ තියෝ ෆනෑන්ඩො මහතා ද එක්ව සිටි බව සඳහන් කරයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොරොන්දු සේරටම ගෙවන්න වෙන්නේ මහජනතාවට තමයි ඉතින්... නැතුව ඕවාට වියදම් කරන්නේ සිරිලිය ගිණුමෙන් නෙවේනේ...
මල් දීලා පිලිගන්නත් මිනිස්සු තවම ඉන්නවනේ.
ජිම් ගිහින් ගෙදර යන ගමන් නෙවෙයිනේ.?
පක්ෂ පාට අතහැරලා සාමාන්‍ය විදියට හිතන්න පුරුදු වෙන්න.
මෙයාට ඔපරේෂන් එක කරන්න දුන්නා නම් ඔයිට වඩා කරනවා අර සිරිලියා එකට කළා වගේ
222222v හැඳුනුම් පතක් දැක්කා නම් දන්වන්න