IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘සියලු පක්ෂ නියෝජනය වන තේරීම් කාරක කමිටුවක් පත්කළයුතුයි’

(නිමල කොඩිතුවක්කු)   
 
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ නියෝජනය වන පරිදි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතුව ඇතැයි  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ කොළඹදී පැවසූහ.

මෙම ප‍්‍රහාරය සම්බන්ධ සියලූ තොරතුරු එම තේරීම් කාරක සභාව මගින් ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුවේ වගකීම බවද  උන්වහන්සේ සඳහන් කළහ.

සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව රාජගිරිය පිහිටි  පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද(9) පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල හිමියෝ මෙසේද කීහ.

“පාස්කු ප‍්‍රහාරයට හවුල් වූ කණ්ඩායම් දෙකක් සිටින බවට ඉතාම පැහැදිලියි. එක කණ්ඩායමක් මේ ඉස්ලාමීය අන්තවාදී ත‍්‍රස්තවාදයට සරු පසක් ලංකාවේ හැදීමට  දිගින් දිගටම කටයුතු කරපු කණ්ඩායමයි. අනික් කණ්ඩායම මේ මරාගෙන මැරෙන බෝම්බ කණ්ඩායමයි.

2005,  2006 වසරේදි මේ අන්තවාදි කණ්ඩායම් වලට  අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට එවක රජය වූ මහින්ද රාජපක්ෂ රජය කටයුතු  කරලා  තියෙනවා.  මේ සමාගම් පිහිටුවීමට අවශ්‍ය මූල්‍ය ධනය,  පහසුකම්, ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් එම රජය සපයලා තියෙනවා. ලේඛන මගින් එය තහවුරු වී තිබෙනවා. ඒ වගේම  2013 වසරේදී  රාජපක්ෂ රජය ෂරියා නීතියට අනුකූලව  මද්‍රසා පාසැල් ආරම්භ කිරීමට නිල වශයෙන් අවසර දෙනවා.   ඒ වගේම මඩකලපුවේ ෂරියා විශ්වවිද්‍යාලය  ඉදිකිරීමට ඉඩම් ලබා දෙනවා. ඒ අනුව හරි පැහැදිලියි මේවා ආරම්භ කිරීම පිටුපස කවුද හිටියේ කියලා.

ඒ වගේම බුද්ධි අංශවලට ගෙවන ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කළ මුදල්  ගිණුමෙන් අබ්දුල් රාසික්ට සහ සහරාන් කියන මේ මේ දෙන්නා ඇතුළු 26කට වැටුප් ගෙවලා තියෙනවා. 

2015ට කලින් බෝදුබල  සේනාව, රාවණා බලය ආදී සංවිධාන ඇතිවුණා. ගෝඨාභය රාජපක්ෂ  ඒ සංවිධාන පිටුපස හිටියා කියන එක ඉහළින් කවුරුත් පිළිගත්ත දෙයක්. මහින්ද රාජපක්ෂ රජය තිබියදී මේ සංවිධානවල හාමුදුරුවෝ  ප්‍රාඩෝ වලින් ඇවිත් අමාත්‍යංශවලට කඩා පැන්නා. මාධ්‍ය හමුවලට පැනලා තර්ජනය කළා. මේ අය මුස්ලිම් සහ සිංහල සමාජය  අතර තිබූ මිත‍්‍රත්වය සම්පූර්ණයෙන්ම නැති කරලා සන්නද්ධ අරගලයකට රට ගෙන එන්න කටයුතු කරාවි කියලා මම ඒ දිනවල පැවැසුවා. 
 
මේ ඉස්ලාමීය අන්තවාදී  ත‍්‍රස්තවාදය  නැතිකිරීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි  නියම උත්තරේ කියලා සමහර හාමුදුරුවොත් හීන දකිනවා. ඔහුත් ඉස්ලාමීය ත‍්‍රස්තවාදය නැතිකිරීමට ඉදිරි ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙනවා කියලා තියෙනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ එම ත‍්‍රස්තවාදයේ කොටස්කරුවෙක්.
 
2015 ජනවාරි 08 මෛත‍්‍රිපාල සිරිසේන  මහතා ජනාධිපතිවරයා බවට පත්වුණාට පස්සේ ඉස්ලාමීය අන්තවාදීන්ට සරුපස හැදීමේ දෙවන කොටස ඔහු පටන් ගත්තා. ආරක්ෂක මණ්ඩලය සම්පූර්ණයෙන්ම  හෑල්ලූවට ලක් කළා.  ආරක්ෂක මණ්ඩලයට අගමැති, රාජ්‍ය ඇමති, පොලිස්පති කැදෙව්වේ නැතිව ඒ වෙනුවට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කැදෙව්වා. 

මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා හිටපු ආරක්ෂක ප‍්‍රධානින් කැඳවලා සකස් කළ වාර්තාවක් ජනාධිපතිවරයාට බාර දුන්නා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  මහතාගෙන් උපදෙස් ගන්නේ නැතුව ඔහු යටතේ හිටපු නිලධාරීන්ගෙන් උපදෙස් අරගෙන ජනාධිපතිට  භාරදෙනවා. මේ සාකචඡාවට ජනාධිපති ලේකම්වත් සම්බන්ධ කරගන්නේ නැහැ. 
 
මේ සිද්දිය ගැන  සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කලා.  ඒ කොමිෂන් සභා වාර්තාව වහාම එළියට දාන්න කියලා අපි ජනාධිපතිට කියනවා. මේ ඔක්කෝටම වඩා පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කිරීම  අපිට වැදගත්. මේ සිද්ධියේ අග -  මුල ගිය හොයලා රට දැනුවත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා” යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (0)

‘සියලු පක්ෂ නියෝජනය වන තේරීම් කාරක කමිටුවක් පත්කළයුතුයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site