(රන්ජන් කස්තුරි)
 
සියලුම ආගමික ස්ථානවලට ඉදිරියේදී නොමිලයේ විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
 
මේ වනවිටත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයෙන් ආගමික ස්ථානවල විදුලිය ගාස්තු අවම කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද ඇමති කරුණානායක මහතා සඳහන් කළේය.
 
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් සියලුම ආගමික ස්ථාන ආවරණය කිරීම ඉතා කෙටිකාලයකින් නිම කළ හැකි බවද ඇමතිවරයා කීය.