IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


සයිප‍්‍රසයේ සමාජ ආරක්ෂණ අරමුදලේ කොන්දේසි වෙනස් වෙයි

(විනීතා එම් ගමගේ)

සයිප‍්‍රසයේ ක‍්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් දායක වූ එරට වසර හයකට වඩා සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට වයස 68 ක් වූ පසු එම අරමුදලේ ප‍්‍රතිලාභවලින් සියයට 15 ක් ලබාගත හැකි වන පරිදි එම අරමුදලෙහි කොන්දේසි වෙනස් කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

එම අරමුදලේ ප‍්‍රතිලාභ මීට පෙර ලැබුණේ එරට වසර 15  ක් අඛණ්ඩව සේවය කළ විදේශිකයන්ට පමණි. ඒ සඳහා   ශ‍්‍රමිකයා තම වැටුපෙන් සියයට 8.3ක් ද හාම්පුතා සියයට 8.3 ක් ද සයිප‍්‍රස් රජය මගින් සියයට 4.9 ක් ද වශයෙන් මූලික වැටුපෙන් සියයට 21.5 ක් දායක මුදල් ගෙවිය යුතුව ඇත.

එහෙත් ශ්‍රී ලාංකිකයන්ට එරට සේවයට අවසර තිබුනේ එක් වරකට වසර 4යි මාස අටක කාලයක් පමණි. මේ  නිසා එම අරමුදලට දායක වීමෙන් ශ්‍රී ලාංකිකයන් ට කිසිදු ප‍්‍රයෝජනයක් නොලැබුණු බව විදේශ රැකියා අමාත්‍යංශයේ අද (08) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මනුෂ නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.

ඇමති තිලක් මාරපන මහතා මේ පිළිබඳව එරට කම්කරු අමාත්‍යවරිය මෙන්ම ජනාධිපතිවරයා ද හමුවී සාකච්ඡා කර ඇති බවත් ඒ අනුව ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට මෙසේ කොන්දේසි වෙනස් කර ඇති බවත් නානායක්කාර මහතා අමාත්‍යංශයේ ප‍්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙම අරමුදලේ ප‍්‍රතිලාභ දැන් ලබා ගත හැකි බවට සයිප‍්‍රසයේ සේවය කර මෙරට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට යම් පිරිසක් විසින් දන්වා ඇති බවත් එසේ එම මුදල් ගත නොහැකි අතර වසර හයක් හෝ ඊට වැඩි කාලයක් සේවය කර ඇති හා අවශ්‍ය කොන්දේසි සපුරා ඇති අයට පමණක් මේ පිළිබඳව කාර්යංශය වෙත දැනුම් දෙන්නේ නම් එම සේවකයන් වෙනුවෙන් ඉල්ලීම් කළ හැකි බවත් නානායක්කාර මහතා කීය.

වාර්ශිකව ශ‍්‍රමිකයන් 1200 ක් පමණ එරට සේවය සඳහා පිටත්ව යන අතර මේ වනවිට එහි ශ්‍රී ලාංකිකයෝ 7500 ක් පමණ සේවය කරමින් සිටිති.

සමාජ ආරක්ෂණ අරමුදලේ  ප‍්‍රතිලාභ ලබා ගැනීම කිසිවෙකුටත් මුදල් ලබා දී ලබාගත නොහැකි බවත් ඒ සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා නොදෙන ලෙසත් කාර්යංශය ඉල්ලීමක් කරයි.



අදහස් (3)

සයිප‍්‍රසයේ සමාජ ආරක්ෂණ අරමුදලේ කොන්දේසි වෙනස් වෙයි

Mallika Monday, 08 April 2019 02:29 PM

කෙසේ වෙනස් වුනත් සාධාරණයක් කරා අපගේ අරමුදල් ලබා දීමට රජය මැදිහත්ව කටයුතු කල යුතුයි.

:       1       0

kelum Tuesday, 09 April 2019 05:09 AM

මෙහෙට පිස්සෝ එවල හරියන්නේ නැහැ .. රාජ්‍යතාන්ත්‍රික පළපුරුද්දක් තියෙන කෙනෙක් එවන්න ඕන.

:       0       3

D.m somawathi menike Tuesday, 09 April 2019 02:16 PM

සයිප්‍රස් රටේ වසර 5ක් හිටපු අයට අරමුදල් ලබාගන්න බැරිද? අපටත් සහනයක් ලබාදෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28583 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18200 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11063 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 204 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site