(ටී.කේ.ජී.කපිල)
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා 20 තවත් ලක්ෂයක් අද අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
ඒ අනුව මේ දක්වා මෙම සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 91ක් ලංකාවට චීනයේ සිට රැගෙන විත් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .
මෙම එන්නත් තොගයෙන් පළමු එන්නත් මාත්‍රා ලක්ෂ 10 ප්‍රමාණය , අද අලුයම 05.17 ට චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ ළඟ විය.
මීට අමතරව කිලෝ ග්‍රෑම් 386 ක් බරැති ඔක්සිජන් ඇසුරුම් 18 ක් ද තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
දෙවන එන්නත් මාත්‍රා ලක්ෂ 10 අද අලුයම 05.30 ට චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන්තොටුපොල ආරංචි මාර්ග කියයි.



COMMENTS
නියමයි
සර් ෆේල් කියලා නෙද කිව්වෙ