IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සයිනෝෆාම් ගත් වීරකැටියේ ඇගළුම් සේවිකාවන් පිරිසක් රෝහලට

(චන්ද්‍රසේන ගමගේ)

වීරකැටිය පෞද්ගලික ඇඟළුම් කම්හලක සේවකයන්ට සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව දුන් සේවකයන් 50 දෙනකුට පමණ ආසාත්මික තාවයක් නිසා වීරකැටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

එන්නත ලබා දීමෙන් අනතුරුව සේවකයන් පිරිසකට වමනය කැරකිල්ල හා ක්ලාන්ත ගතිය ඇති වීමෙන් අනතුරුව එම සේවකයින් රෝහල් ගත කොට තිබේ.

රෝහලට ඇතුළත් කළ ඇඟළුම් සේවකයින් ගේ තත්වය බරපතල නොවන බවත් ප්‍රථිකාර ලබා දීමෙන් අනතුරුව පිරිසක් රෝහලෙන් පිටව ගොස් ඇත. තවත් පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබන  බව වීරකැටිය ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරී තුෂාර චිමන්ද මහතා පැවසීය.

මෙම තත්වය ලබා දුන් සයිනොෆාම් එන්නත නිසා ඇති වූ සංකූලතා තත්වයක් නොවන බවත් සමහරුන්ට මෙවැනි අසාත්මික තත්වයන් ඇති විය හැකි බවත් වෛද්‍ය තුෂාර චමින්ද මහතා පැවසීය.

 



අදහස් (5)

සයිනෝෆාම් ගත් වීරකැටියේ ඇගළුම් සේවිකාවන් පිරිසක් රෝහලට

සේකර Friday, 09 July 2021 08:00 PM

එතකොට දොස්තර කියන්නේ එන්නත නොගෙන නිකං හිටියත් පනහටම එකපාර වමනය කරකැවිල්ල අද හැදෙන්න තිබිලා කියලද? හනේ මෙහෙමත් පිළිතුරු, මේ රටට මොනවා වෙලාද මන්දා?

:       18       306

sekaraSaturday, 10 July 2021 07:52 AM

දොස්තරටත් උගන්නන්න හදන සේකරයෙක්... ඔයාටත් අැයි අනේ...!!! ඔයා ගිහින් බෙහෙත් නොදුන්නේ.

:       17       0

කිරිපුතාSaturday, 10 July 2021 10:58 AM

සියල්ල වැරදි විදිහට නොදැකිය යුතුයි. අප තුළ යම් යම් විෂයයන් කෙරෙහි ප්‍රාමාණික දැනුමක් තිබිය යුතුයි. එවිට හරි වැරැද්ද තෝරා ගැනීමට පහසුයි. එන්නත් දීමෙන් පසු ශරීරයට විවේකය අවශ්‍යයි. කිමද යත් ප්‍රතිදේහ නිපදවීම සඳහා සිරුර වේගයෙන් ක්‍රියා කරන බැවිනි. එවිට පුද්ගලයින් දුර්වල වේ. විවේක නොගත්විට මෙවැනි රෝග ලක්ෂණ පමණක් නොව උණ පවා ඇතිවිය හැකිය. එය එන්නතේ වරදක් නොවේ...

:       9       0

සෙනෙවිරත්න Saturday, 10 July 2021 06:35 AM

මැදමුලනේ පැත්තට හොඳ බඩු යවන්න එපායෑ...

:       0       1

සෙනවි Saturday, 10 July 2021 02:18 PM

වෛද්‍යවරයාගේ කතාව ව්‍යාකූලයි. එන්නතින් සංකූලතා එන බව දන්න දෙයක්. සමහරු මෙය වරදවා වටහාගෙන. දොස්තරලාට උගන්නන්න හදන්නේ නැහැ. සෑම එන්නතකින්ම සංකූලතා එන බව ප්‍රත්‍යක්ශයි. ඒකට රෝගියාට දොස් කියන්න අනවශ්‍යයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site