(ඩයනා උදයංගනී)
සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

රටේම එවැනි පාලන ව්‍යුහ වෙනස් කිරීමේ අවශ්‍යතා සළකා බලා සියල්ල එකවර සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
මේ මොන තීරණයක්ද අපේ ගරු මහින්ද අගමැතිතිමා සහජීවනය උදෙසා ගත්ත විශිෂ්ඨ තීරණයක් කොහොමද එහෙම ආපස්සට හරවන්නේ.
යහපාලන රෝගය මේ ආණ්ඩුවටත් බෝවෙලා වගේ. ගේනවා ඒත් එක්කම අකුලගන්නවා.
මහ මැතිවරණයෙන් පසු නිවැරදි ස්ථිර තීරණයන්ට එළැඹිය යුතුයි. ඒ තීරණ තුළ අන්තවාදීන් ට ත්රස්තවාදීන් ට සහ පක්ෂ බදාගෙන අසූචිත් සුවඳයි කියන පටු මිනිසුන් ට ඉඩක් නොතිබිය යුතුයි.
ජනාධිපති, අගමැති දෙන්නෙක් බලතල සමව බෙදාගෙන පාලනය කරද්දී මෙහෙම දේවල් වෙනවා. සහෝදරයෝ දෙන්නෙක් අතරත් මෙච්චර ප්‍රශ්න නම් කලින් හිටපු දෙන්න ගැන කවර කතාද. රට මෙහෙම තියනවා ඇති. දැන්වත් මේ බල පොරේ නවත්තල එක්කෙනෙක් අතට බලය අරගෙන වැඩ කරන යන්න ඕන.
අවලංගු කලේ මහා මැතිවරණය ඉවර වෙනකන් වෙන්න ඇති. එතකොට මහා මැතිවරණයටත් ඡන්ද පොරොන්දුවක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්.
පාස්කු ප්‍රහාරයේ සන්තෝසම දුන්න බව ළඟ එන මැතිවරණ කාලේදී ප්‍රචාරය වෙයි කියලා මර බයට අකුලගන්න ඇත්තේ.
රතන හිමි කිව්වනේ, ඒක අනුමත නොකරන බව. ඒ නිසා වෙන්ඩෑ..
ඕක වෙනම ප්‍රදේශයක් කරන්න බැරිද?
සයින්දමරුදු නගර සභාවක් කිරීම හොඳයි කීමට වරු ගනන් මහන්සි වී රචනා පිට රචනා ලියූ, ජනතාවට ගිලින්නට සැලැස්වූ කුලී නොතකා වැඩකල ලියනප්පුලාට හද පිරි ශෝකය.
ජනපතිතුමනි, මෙය ඉතාම වැරදි ආදර්ශයක්. කෝ ඔය විද්වතුන් පිරිස. කවුද මේ පිළිබඳව ගවේෂණයක් කළේ.
මේක දැන් අකුලගත්හේ ඉදිරි ඡන්දයේදී නැවත ජාතිකවාදය වපුරලා 2/3 හදාගන්න නැවත 13 සමගම දෙන්න.
මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන ගැසට් නිවේදනය දවල් බත් කෑවට පස්සේ අකුලා ගන්නවා. දකුණු අත කරන දෙය වම් අත නොදන්නා බව යලිත් වරක් මේ ළදරු රජය පෙන්වාදී තිබෙනවා. මේක තමා සකල සිරින් පිරි සිරි ලංකාව යන ගමන් මග. මහා මැතිවරණය එනතුරු නොන්ඩි ගසමින් යමු නේද ?
අගමැතිට පොඩි පහේ ප්‍රහාරයක් එල්ල වෙලා වගෙයි පෙන්නේ. "ඒ ඡන්දෙත් අපේ තමයි මේ ඡන්දෙත් අපේ තමයි" කියන්නයි හැදුවේ. දැන් ඒ ඡන්ද ගොඩ නැතුව යනවා. මේ ඡන්ද ගොඩ වැඩිවෙනවා. ඔන්න අපේ දේශපාලනේ.
ජන වර්ගය අනුව පාලන ආයතන ඇති කිරිම ඉතා භයානකයි.
ජන වර්ගය අනුව පාලන ආයතන ඇති කිරිම ඉතා භයානකයි.
සිරිසේන සහ රනිල්ගේ යහපාලනය වගේමයි නන්දසේන, මහින්ද සහ සිරිසේනගේ ආණ්ඩුවත්.
අපරාදේ පුච්චපු රතිඤ්ඥා ටික.
ඕක ගෙනාවම පොහොට්ටුවේ මහාචාර්යවරුන්, පඬිවරුන් කීවේ සයින්දමරුදු වල මුස්ලිම් අය හිරකරලා තියන්නයි ඒක ගෙනාවේ කියලනේ. අපේ ජනාධිපතිතුමා එහෙම මුස්ලිම් අයට අසාධාරණයක් වෙන්න ඉඩදෙන්නේ නෑ. ඒකයි ඕක වහාම නැවැත්තුවේ.
මොකක්ද මේ විහිලුව? මේ ආණ්ඩුව නිකන් එහාට මෙහාට වැනෙනවා වගේනේ. අයියා එහාට වනනවා මල්ලි මෙහාට වනනවා. රයිගමයයි ගම්පලයයි වගේ.
තාවකාලිකවනේ ........................
පරණ කුස්සියේ තිබුණු කැබිනට්ටුව වගේ. පොලිෂ් කරන්න හැදුවට ආයෙත් පරණ ලකුණු මතුවෙනවා. අද එක තීරණයක් හෙට ? රටකට උගත් බුද්ධිමත් පිරිසකගෙන් සැදුම්ලත් කැබිනෙට්ටුවක අවශ්‍යතාවය නැවත නැවත මතුවෙනවා හරියට රබර් බොලේ වතුර යටට ඔබන්න බැරුවා වගේ. ඉවසන්න පපුව ...............
මහ මැතිවරණය ඉවරවෙන කල් වත් මේ මෝඩ සිංහලයින්ව හීලෑ කර නොගත්තොත් අපේ රටේ බුද්ධිමත් පාලකයින්ට අත්වෙන ඉරණම ඔවුන් දන්නවා. කනට, හෝ කටට යමක් වැටුණු සැනින් සැප නින්දට වැටෙන මේ සද්දෙට බුරන්න පමණක් දන්නා, සිංහල සුනඛයින් සුන්දර හීන දැකලා අවදිවෙන කොට ලෝකයත් වෙනස් වෙලා ඉවරයි.
අවුරුදු 5 ඉවර වෙන කොට කියයි යහපාලනය හොඳයි කියලා
එහෙනම් අපේ මුස්ලීම් ඡන්දත් ටික කාලයකට අවලංගු කරනවා. එන්න එපා අපිව හොයාගෙන හරිද ?
එයා හිටපු ජනාධිපතිටත් අන්තයි වගේ. එයා මේ වගේ අඳබාල තීරණ ගත්තේ නෑ.
හැටනව ලක්ෂයක් ඡන්දේ දීලා ජනාධිපති පත් කළේ මුස්තාපා ඇමතිගේ 2018 යෝජනා ක්‍රියාත්මක කරන්නද ?
ඔය මහ මැතිවරණය ඉවර වෙනකන් විතරයි. ඊට පස්සේ සයින්ද මරන්දු කියලා පළාතක්ම දෙයි.
ඣන්දෙට කලින් දේශප්‍රේමීන් සිංහල ජාතිය ගැනමයි කතා කළේ. දැන් මහ මැතිවරණයේ බලය ගන්න ජාතියම පාවලා දෙන්න හදනවා. කෝ අර ඊනියා සංවිධාන? බොදු බලය, රාවණා බලය වගේ එක එක නම් වලින් කෑ ගහපු මිනිස්සුන්ගේ කටේ පිට්ටුද ? මේ හැමෝම කෑ ගහන්නේ මුදලට සහ තමන්ගේ වාසියට විතරයි. කවුරුත් රටට ආදරේ නෑ. රණවිරුවන් විකුණලා බලය ගත්තේ. ඒත් අද ඒ මිනිස්සු පාරට බැහැලා.
මැයි වගේ වෙනකල්.....
ඔය සයින්ද කියන එක ලංකාවෙන් පිට බොම්බේ පැත්තට ගෙනිච්චා නම් කරදරයක් නැහැ.
නැවත දොලපිදේනි දීල රට බෙදන්න හදනවද
කෝ අර පාලකයින්ගේ කුණු හා ඉඳුල් වළදමින්, පිනට කකා රෙදි උස්සගෙන දඟලන පින්ගුත්තරයෝ රැල? තක්කඩි පාලකයින්ව රැකවල් කරන්නේ මේ ආතක් පාතක් නොමැතිව සමාජයේ කරලියේ ඉන්නා බත්බැලයෝ තමයි. ඒ අය සිටින තාක්කල් මේ රට බොරුවෙන් මුලාවෙන් ගොඩ ගන්නවා බොරු.
මේ ගොල්ලෝ මහා කපටි ආණ්ඩුවක් , මතුපිටින් පෙනෙන දේ නෙමේ මෙතන වෙන්නේ , මහා මැතිවරණයේදී මුස්ලිම් ඡන්ද කඩාගන්න කළකුට උපක්‍රමයක් , හොදට හිතල බලන්න මහින්ද මේක දෙන්න යනවා (එවිට මුස්ලිම් අය හිතනවා මහින්ද අපට සපෝර්ට්, මහින්දගේ අයටඡන්දෙ දෙනවා) ගොටාබය මැදිහත්වෙලා නවත්තනවා (එවිට සිංහලු ටික හිතනවා අනේ හරි ශෝක් ගොඨාභයගේ අයට ඡන්දෙ දෙනවා කියල ) මැතිවරනේදී දෙගොල්ලොන්ගේම ඡන්දවලින් ආණ්ඩුව දිනලා
මම දැක්කා එක තඩි බුරුවෙක් කියනවා, දෙමල ජනතාව වෙනුවෙන් කල්මුනේටත් වෙනමම පරිපාලන ඒකකයක් ලබාදිය යුතුයි කියලා. එහෙම කියපු කෙනත් සිංහහමක් පොරවා ගෙන සිටින කොටළුවෙක් තමයි.
ඒ මිනිසුන්ට තියෙන බදු මදිවට තව බදු ටිකක් වැඩියෙන් ගෙවන්න සිද්ද වෙන එක මිසක් වෙන සෙතක් නම් වෙන එක්ක නෑ.
බලන් යනකොට ගමරාල හොඳයි වගේනේ....
දැන් අවලංගු කළාට ඡන්දෙන් පස්සේ ක්‍රියාත්මක වේවි
සයින්දමරුදු ළමයිනේ ඡන්දෙන් පස්සේ 13 දෙයි එතෙක් ඉවසන්න.
යහපාලන රජය කාලේදී, නහරවැල් මතුවෙනකම්, උගුර ලේ රහවෙනතුරු වේදිකා මත අඩි හප්පමින් එම රජය පතුරු ගහපු විමලේ, වාසු, ගම්මන්පිල වගේ දේශප්‍රේමියන් කියාගන්නා රංචුවේ කටවල්වල ඉබි යතුරු වැටිලද, කිසිම වචනයක්වත් තවම දොට්ට බැස්සේ නැත්තේ ?
ගිය ආණ්ඩුවේ අය කලෙත් මෝඩ වැඩ, දැන් අලුත් කට්ටියත් පටන් අරන් ටිකෙන් ටික!
කෝ අර පහුගිය කාලේ විවිධ දේශප්‍රේමී ලේබල් අලෝගෙන හිටපු බූරු රැල...? බඩකට පිරුණට පස්සේ නැට්ට බඩයට ගහගෙන ඉන්නවා...