(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් 81ක් දෙනෙකු ලියාපදිංචි කිරීම වැළැක්වීමේ නියෝගයක් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රජයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජනවාරි 24 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු නලින් පෙරේරා , විජිත් මළල්ගොඩ සහ ප‍්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන් ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අතර එහිදී මෙදිනට පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීමට නියම කෙරිණි.
වගඋත්තරකරුවන්ට පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නොතීසි දන්වා යවන ලෙසටද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දෙන ලදී.
කැළණිය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් ඉඹුල්ගොඩ පදිංචි කසුන් තාරක අමල් , ගම්පහ උග්ගල්බොඩ පදිංචි කලණි ලක්ෂිකා පේ‍්‍රමසිරි සහ තිස්සමහරාමයේ පදිංචි රන්සරනී ජයතිලක දිසානායක යන නැමැත්තන් විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එහි වගඋත්තරකරුවන් ලෙස ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව, එහි වැඩබලන ලේඛකාධිකාරී වෛද්‍ය චන්දන අතපත්තු , අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යවරය , නීතිපතිවරයා සහ සයිටම් වෛද්‍ය උපාධිධාරීන් 81 දෙනා නම් කරනු ලැබ සිටිති.
මේ හේතුවෙන් සයිටම් ආයතනයේ උපාධිධාරී සිසුන් 81 දෙනෙකු ලියාපදිංචි කිරීම වළක්වාලන නියෝගයක් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නිකුත් කරන මෙන් ද එම පෙත්සම්වලින් ඉල්ලා තිබේ.
පෙත්සම්කාර රජයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනා වෙනුවෙන් නීතීඥ ක‍්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දොස්තර මාෆියා සංගම් කල්ලිය මේ දවස්වල වැඩි සද්දයක් නැහැ. අධෝ මුඛයට පොල් මුඩ්ඩක් වත් කවුරු හරි ගහලද? දැන්වත් සමාජය ගඳ ගස්සන්නේ නැතිව ඔහොම යං!!!