( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සයිටම් උපාධිධාරීන් සති තුනක් ඇතුළත රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කළේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හිතාමතාම තමන්ම ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවට චෝදනා කරමින් සයිටම් උපාධිධාරීන් තිදෙනෙකු ගොනු කළ පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
මේ පිළිබඳව විභාගය පැවැත්වූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ පෙත්සම්කරුවන් වෛද්‍ය වෘත්තීය සඳහා ලියාපදිංචි නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මූලික අයිතීන් උල්ලංඝණයක් සිදුකර ඇති බවයි.
මීට අදාළව බුවනෙක අලුවිහාරේ සහ දෙහිදෙනිය යන විනිසුරුවරුන්ගේ එකඟත්වය මත තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙත්සම්කරුවන් වෛද්‍ය වෘත්තීකයින් වශයෙන් ලියාපදිංචි නොකිරීම තුළින් ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝණයක් සිදුකර ඇති බවයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනතට අනුව ඔවුන්ට එසේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරු සුරසේන මහතා අදාළ සිසුන් ලියාපදිංචි කරන ලෙස මීට පෙර අභියාචනායාධිකරණය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නියෝග නිකුත් කර තිබූ බව සිහිපත් කළේය.
ඒ අනුව ඔවුන්ව සති තුනක් ඇතුළත වෛද්‍ය වෘත්තිකයන් වශයෙන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන ලෙසද එම සභාවට කළ නියෝගය වැඩිදුරටත් සඳහන් විණි.
මෙම නඩු තීන්දුව හරහා සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් 82 ක් වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් ලියාපදිංචි වීමේ හැකියාව පවතින බව නීති විශාරදයෝ පවසති.
COMMENTS
නඩු ගාස්තු ගෙවීමට වෛද්‍ය සභාවට කිසිසේත් ඉඩ දිය යුතු නොවේ. මෙම සභාවේ සාමාජිකයෝ දැරිය යුතුය. ඔවුන්ගේ අත්තනෝමතික තීරණ වලට මහජන බදු මුදල් වැය නොකළ යුතුය.
අපේ රටේ වෛද්‍යවරයෙක් වීමට දැන් ඕන වන්නේ රුපියල් කෝටියක් පමණයි. උසස් පෙළ අසමත් වුනාට කමක් නැත.
හරි ශෝක්නේ. දැන් නඩුකාරයෝ තමයි දොස්තරලාව හදන්නේ. හැබැයි මේ එකෙක් හරි ලෙඩෙක්ව මැරුවොත් ..මේ තීන්දුව දුන්න "ඔස්තාර්ලා" බලු කූඩුවට යවන්න ඕනෑ. මගේ අම්මෝ මම නම් මලත් ඔය ඩොකෙක් ගාවට යන්නේ නැහැ.
සුපිරි තීන්දුවක්... කඩේ යන සංගමය හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ පමණක් දොස්තරලා කියලා. දැන් ඉතින් ගහෙන් බිමට බහින්න...
ශ්‍රේෂ්ඨාධිකරණයවත් මේ රටේ හරි දෙයක් කරනවා දකින්න ලැබීම සතුටක්.
ඉතිං උසාවි නියෝගයෙන්ම උපාධියත් ගත්තනං හරිනෙ මොකට ඉගනගන්නවද?. මල සමයං.
ලියාපදිංචිය නෙමෙයි මෙතන තියන ප්‍රශ්නය එහෙම වුණත් මේ අයගේ වෘත්තීය දැනුම පිළිබඳ තියන ගැටළුව තමයි තියෙන්නේ... මොකද මෙයාලා රජයේ රෝහලක ,විශේෂඥ වෛද්‍යවරයකු යටතේ නිසි සායනික පුහුණුව අරගෙන නැහැ වෙනත් විදියකින් කියනවා නම් වසරක සීමාවාසික පුහුණුව වත් ඉන්පසුව එච් ඕ කෙනෙක් විදියටවත් නිසි පුහුණුවක් නැහැ.. ඉතින් මම දන්නේ නැහැ. මෙයාලා කොහොම බෙහෙත් දේවිද කියලා ලෙඩ්ඩුන්ට...
නියම තීරණයක්. අන්තිමට ඔවුන් සත්‍ය ජයග්‍රහණය කළා
සුපිරි තීන්දුවක්..
අවසානයේ සාධාරණය සිදුවී ඇත.
කෝකටත් බෙහෙත්ගන්න කලින් පොඩ්ඩක් දොස්තර ගැන ගොඩක් හොයන්න වෙයි. සාෆිට එයා යන වැඩ වෙයි ඉස්සරහට..
ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් තිබූ ආරක්ෂාකාරී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට තිබු හැකියාව අහිමිවෙන ලකුණු... ජාත්‍යන්තර අධිකරණයකට ඉදිරිපත් වී හෝ ජනතාවගේ ජීවිත සුරකින්න.
දැන් බලමු ජීඑම්ඕඒ එක මොකද කරන්නේ කියල.
ලෝකයේ ඕනෑම රටක වෛද්‍යවරු ලියාපදිංචි කරේ.. මේ බලය අැත්තේ වෛද්‍ය සභාවටයි... නීතීඥයින් සහ ඉංජිනේරුවන් හැමෝම ගැන ලියාපදිංචි කරන්නේද අදාල ආයතන මගිනි. මේවා පත් කරන්නේද රජය මගින්ය... මේවා වෘත්තීය සංගම් නොවේ.
'70 ගණන්වල සිට, රටේ පහසුකම් ඇතැයි කියන දිස්ත්‍රික්ක වල බොහෝ සිසුන්හට දිස්ත්‍රික් පදනම හේතුකොට ගෙන සුදුසුකම් තිබියදීත්, සරසවි වලට ඇතුල්වීමට නොහැකි වුනා. මෙවැනි සිසුන්හට ලංකාවේදී තම තෘතීය අධ්‍යපනය නිම කරගැනීම අවස්ථාව ලබා දිය යුතුයි. වෛද්‍ය සභාව මේ සිසුන්ට සුදුසුකම් නැති බව කියමින්, ඊට මුවාවී සිදුකරන්නේ තමන්ගේ කුලය රැක ගැනීමට තැත් කිරීමයි. ලංකාව නුගතුන්ගෙන් පිරි රටක් වී ඇත්තේ මේ රටේ මහජන බදු මුදලින් ඉගෙනගත් වෘතිකයින්ගේ යයි කියා ගන්නා සංගම් නිසයි.