IMG-LOGO

සීමා නිර්ණ වාර්තාව ජනපතිට බාර දෙන්න - මැතිවරණ කොමිසම

(රංජන් කස්තුරි)

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යවමින් අද (11) ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට බාරදීමෙන් සහ ජනාධිපතිවරයා එම වාර්තාව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ බාධා ඉවත්ව යන බවද මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර ඇත.

සීමානිර්ණ වාර්තාව බාරදීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරැකීමක් වන බවද මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ.

පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයට හෙවත් මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම සඳහා සීමානිර්ණය කිරීම අවශ්‍යවන අතර ඒ සඳහා හිටපු මිනුම්පති කේ.තවලිංගම් මහතාගේ සභාපතීත්වයෙන් යුත් සමාලෝචන කමිටුවක් පත් කෙරිණි.

ඒ අනුව තවලිංගම් කමිටුව සකස් කළ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයාට බාර දුන් අතර ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පරාජයට පත්විය.

ඉන්පසු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට එම වාර්තාව සමාලෝචනයට බාර දුන් අතර එම වාර්තාව තවමත් කමිටුවේ හිරවී තිබේ.



අදහස් (2)

සීමා නිර්ණ වාර්තාව ජනපතිට බාර දෙන්න - මැතිවරණ කොමිසම

Chandananda Friday, 12 April 2019 08:54 AM

තව දින 4 කින් අප්‍රේල් 17 වෙනිදා ලෝකයේ 4 වන තැනට වැඩිම ජනගහනය ඉන්න දුපත් 17.500 කට වැඩි ගණනකින් සෑදුන රටක් වන ඉන්දුනීසියාවේ එකම දවසේ ජනාධිපති. පාර්ලිමේන්තු. පලාත් සභා. ප්‍රාදේශීය සභා. නගර සභා. යන සේරටම ඡන්දය පවත් වනවා. අපේ එක දුපතේ කෝටි 20 ජනතාවගේ ඡන්දෙ තියාගන්න බැරුව අවුරුදු ගානක් මැකෝ සහ පවතින රජය බයිලා කියනවා රට වැසියාට. බැරි නම් පුළුවන් එකෙක් ඉන්දියාවෙන් හරි ඉන්දුනීසියාවෙන් හරි ආනයනය කරලා ඡන්දෙ තිබ්බනම් ප්‍රශ්න ගොඩක් විසදෙයි

:       1       18

sam Friday, 12 April 2019 12:30 PM

මහින්ද දේශප්‍රිය මැකෝද?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 72 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 287 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site