IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයෙන් ජනපතිට ලිපියක්

බිඟුන් මේනක ගමගේ 
 
 
පෞද්ගලික බස් හිමියන්ට අධිවේගී මාර්ගයේ ධාවනයට සුඛෝපභෝගී බස් රථ 1000 ක් ණය සහන පදනමින් ලබාදීමට අයවැයෙන් කර ඇති යෝජනාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ද අදාළ වන පරිදි අයවැය සංශෝධනයක් කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර ඇත.
 
මෙම යෝජනාවට අනුව පෞද්ගලික අංශයට බස් රථ 1000 ක් මිලට ගැනීමට අවස්ථාව සලසා දී ඇති නමුත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීමට යෝජනා කර ඇත්තේ බස් 250 ක් යැයි ද එය තනිකරම ලංගම විනාශ කිරීමේ වැඩපිළිවෙළක් යැයි ද එහි සභාපති සේපාල ලියනගේ මහතා ජනාධිපතිවරයාට යොමුකර ඇති ලිපියේ සඳහන් කර තිබේ.
 
පෞද්ගලික අංශයට බස් රථ 25,000 ක් මේ වනවිට තිබුණ ද ලංගම ඇනියේ ඇත්තේ බස් රථ 5,000 කටත් අඩු සංඛ්‍යාවක් යැයි ද එය 25,000 දක්වා වර්ධනය වන තෙක් පෞද්ගලික අංශයට අලුතින් මගී ප්‍රවාහන බලපත් නිකුත් නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ද ප්‍රවාහන බලධාරින්ගෙන් ද දිගින් දිගටම වෘත්තීය සංගම් ඉල්ලා සිටියේ යැයි ද ලියනගේ මහතා පවසයි.
 
2019 අයවැයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 3400 ක් වෙන්කරන්නැයි වෘත්තිය සමිති ඉල්ලා සිටි පරිසරයක ඒ ගැන නොතකා පෞද්ගලික අංශයට විශේෂ සහන සලසන ක්‍රියාවලියකට ආණ්ඩුව අවතීර්ණ වීම කනගාටුදායක යැයි ද සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසයි.
 
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ ඇතැයි ද මේ ගැන වහාම මැදිහත් වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය වැඩිදුරටත් එහි සඳහන් කර ඇත.
 
එම ලිපියේ පිටපත් මුදල් හා ප්‍රවාහන ඇමැතිවරුන්ට ද යොමු කර ඇත. 



අදහස් (5)

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයෙන් ජනපතිට ලිපියක්

Dilan Pramith Monday, 11 March 2019 07:05 AM

ඒක සම්පූර්ණ සාධාරණයි. පෞද්ගලික බස් රථවල යනවට වඩා මගීන් කැමති ලංගම බස් වල යන්න. අනික පෞද්ගලික බස්වලදි මගීන් බොහෝ අපහසුතාවයට ලක් වෙනවා.

:       173       92

ඩෙිවිඩ් සිංඤෝMonday, 11 March 2019 08:25 AM

මගී ජනතාව ලංගම බස්වල යන්න කැමතියි නමුත් ඒ බස් නැති නිසා පෞද්ගලික බස්වල යනවා ඒවායේ යන මගීන්ට දසවද ලැබෙනවා. උදාහරනයක් හැටියට මාර්ග අංක 122 මාර්ගයේ සවස 3 ත් 4 ත් අතර කොළඹින් පිටත්ව රත්නපුර දක්වා ධාවනය කරන බස් රථයේ කොන්දොස්තර නැවතුම් පල වලදී කියන්නේ ඇහැලියගොඩින් එහා යන අය නගින්න කියල නමුත් ඉඳගෙන යන සියලු දෙනාම අවිස්සාවේල්ලෙ මගීන් මෙනිසා අවිස්සාවේල්ලෙන් එහාට යන මගීන්ට බසයෙන් බැස්ස විගසම කැඩුම් බිඳුම් වෙදමහතෙක් හමුවෙන්න යන්න තරම් අමාරුයි කවුරුහරි මෙය බොරුය කියනවානම් ඒ බසයේ එම වෙලාවට ගොස් බලන්න

:       0       41

RayoerMonday, 11 March 2019 08:58 AM

මේ කතාව සම්පූර්ණ ඇත්ත. 122 පාරේ කාර්යාල වෙලාවට යන බස් වල පොල් පටෝල වගේ දාගෙන යන්නෙ. කොන්දොස්තරල එක්ක කතා කරන්න බෑ මිනිස්සුන්ට බල්ලන්ට වගේ බනින්නෙ. කොළඹ ඔෆිස් වල වැඩ කරන ඇහැලියගොඩ ,කුරුවිට ,රත්නපුර මිනිස්සුන්ට යන්න තියෙන්නෙ මේ බස් විතරයි. අලුතෙන් බස් එකක් මේ පාරට දාන්න දෙන් නෑ බස් කාරයො මිනිස්සු අඩු වෙයි කියල. එක බස් එහෙක අඩු තරමෙ 100කට එහා දාගෙන යනව. පොඩි දුරක් එහෙම නෙමෙයි 75km-100km විතර.

:       0       9

ajith Monday, 11 March 2019 07:35 AM

ඔය මොන අධිවේගී මාර්ගයේ දාන්නද බස් 1000ක්... මේක දේශපාලන හෙන්චයියන්ට දෙන අල්ලසක්...

:       159       65

kap Monday, 11 March 2019 11:46 AM

ඊට ඉස්සර ඩිපෝවේ ගොඩ ගහලා තියෙන අබිලි බස් ටික හදමුද? බස් හදන්න මැනේජර්ට ජරාව දෙන්න ඕනේ... දේශපාලනය මේක කරලා තියෙන්නේ. බොරු එපා. හැමදාම පාඩුවෙලා දුවන්නේ

:       5       185

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site