
(ඩයනා උදයංගනී)
කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා හා මහාචාර්යවරයකු වූ ප්‍රවීණ රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ මහතා විශ්ව විද්‍යාලයේ දැරූ එම තනතුරුවලින් ඉවත් කර තිබේ.
සෞම්‍ය ලියනගේ මහතා කථිකාචාර්යවරයකු ලෙස පත්වීමෙන් පසු වසර අටක පරිවාස කාලය නිමවන්නට පෙර සපුරාලිය යුතු පශ්චාත් (ආචාර්ය) උපාධි සුදුසුකම එම කාලසීමාව තුළ සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇතැයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නිසි බලධාරී මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා කළ විමසුමකදී පැවසීය.
ඔහු පත්වීම ලැබූ දා සිට වසර 8ක් අවසන්වීමට පෙර එනම් 2014 වසරේදී මෙම සුදුසුකම සපුරාලිය යුතුව තිබුණත් එය සපුරා නැතැයි ද විශ්ව විද්‍යාලයේ නිසි බලධාරී මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා සඳහන් කළේය.
එසේ සුදුසුකම් සපුරා නොතිබියදීත් විශ්ව විද්‍යාලයේ හිටපු පාලනාධිකාරය මගින් 2015 වසරේ දී සුදුසුකම සපුරාලිය යුතු දිනය මාස 7කින් ඉදිරියට ගෙන ඔහුට උසස්වීම් ලබාදී ඇතැයි ද අබේරත්න බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
මෙය වැරදි ආකාරයෙන් ලබාදුන් උසස්වීමක් නිසා එය නිවැරදි කරන්නැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කළ දැනුම්දීමක් මත මෙම පියවර ගෙන ඇතැයි ද මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා කීවේය.
මෙය 2015 වසරේ සිටි පාලනාධිකාරිය ගත් වැරදි තීන්දුවක් නිවැරදි කිරීමක් බව කී මහාචාර්යවරයා ඒ අනුව සෞම්‍ය ලියනගේ මහතා යළිත් කථිකාචාර්ය තනතුරට පත්ව ඇති බවත්, ඔහුට ඉදිරියේදී යළිත් ඉල්ලුම් කර නිසි ක්‍රියාපටිපාටිය අනුව අහිමි වූ තනතුරු ලබාගැනීමේ හැකියාවක් පවතින බවත් කියා සිටියේය.
කෙසේ වෙතත් සෞම්‍ය ලියනගේ මහතා තනතුරුවලින් ඉවත්කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වී තිබෙන අතර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ අශෝක හඳගම මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ විශ්ව විද්‍යාල පාලක සභාවට සිදුවූ වරදක් සොයා ගැනීමට වසර හයක් ගත වී ඇති බවයි.
ඒ කාලය තුළ සෞම්‍ය ලියනගේ මහතා පීඨාධිපති සහ මහාචාර්ය තනතුරු වලට උසස් කර තිබෙන බව ද ඔහු පෙන්වා දී තිබේ.
කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇති සෞම්‍ය ලියනගේ මහතා ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් නිර්මාණාත්මක කලාව පිළිබඳව පශ්චාත් උපාධිය ලබාගෙන ඇත. ඔහු සම්මානලාභී දක්‍ෂ රංගන ශිල්පියකු ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලයාගේ ප්‍රසිද්ධිය මත වැරැද්ද වර්ගීකරණය කරන්න බැහැ. කොහොම කළත්, කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. උගත් මහාචාර්යවරයෙක් තමන් සුදුසුකම් සපුරා නැති බව දැනදැනම උසස්වීමක් බාරගත්තා නම් ඒක බරපතල වැරැද්දක්... මේ ජනාධිපතිවරයාත් කැලණිය විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරියක් පත් කිරීමේදී, උප කුලපතිවරුන් පත්කිරීමේ පාර්ලිමේන්තු පනත උල්ලංඝනය කරලා තියෙනවා. කැලණිය විශ්ව විද්‍යාලයේ මෙතෙක් පැවති සම්ප්‍රදායික බෞද්ධ පදනම ආරක්ෂා කරමින් මේ පත්වීම කළාද නැත්ද?
මේ යන විදිහට පාලකයින්ට ගොට්ට නොඅල්ලා තනතුරු රැක ගැනීමට නම් ලැබෙන්නේ නැහැ. කොහොමත් අවසානයේ කරලියේ ඉතුරු වන්නේ කබ්බෝ රැලක්ම තමයි. ඇඟේ කටු අනිනවා වගේ දැණුනා නම්, සමහර විට තනතුරක් ලබා ගන්නත් හැකියාවක් තියේවි...
විශ්වවිද්‍යාලයක පාලක සභාවකට විශ්වවිද්‍යාල පනතට හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව හා උසස් අධ්‍යාපන ආයතන සදහා වන ආයතන සංග්‍රහයට විරැද්ධව කටයුතු කරමින් උසස් වීම් ලබා දීමට නොහැකි මෙන්ම එසේ කරනවා නම් එය නීිතිවිරෝධීය. එම උසස් අධ්‍යාපන ආයතනය වෙනත් ආධුනික කථිකාචාර්යවරැනට අවුරැදු 8 අතුලත පස්චාත් උපාධියක් සම්පූර්ණ නොකලොත් සේවයෙන් පහකිරීමටත්, විශේෂවූ එක් කථිකාචාර්යවරයකුට එයට වඩා දීර්ඝකාලයක් ලබා දීමත් සමානයන්ට සමාන ආකාරයට සැලකීමේ පොදු මූලධර්මයට එරෙහිව කටයුතු කිරීමකි. මෙම කථිකාචාර්යවරයාට විශේෂ වරප්‍රසාද දෙමින් පොදු දේපල අයථා භාවිතාකළ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පාලක සභාවට එරෙහිව පොදුදේපල පනත මගින් චෝදනා ඉදිරිපත්කර දඩුවම් ලබා දිය යුතුය. එසේම මෙම පුද්ගලයා දැනදැනම අයථා ආකාරයට තමාට හිමි නැති වැටුප් හා උසස් වීම් ලබා ඇති බැවින් (අවංකභාවය) කඩ කර ඇති බැවින් කිසිවිටක නැවත විශ්වවිද්‍යාලයට බඳවා නොගත යුතුයි. තවද මාගේ අදහසට එරෙහිව පාඨකයන් අවි අමෝරාගෙන විවේචන එල්ල වුවද, මා මතක් කරදෙනුයේ ශ්‍රී ලාංකිකයන් තමා කැමති අය වැරදි කළවිට එය සාධාරණය කරන චපල ලක්ෂණයයි.
දෙයිහාමුදුරුවනේ PhD නැතුව අවුරුදු 8ක් මහාචාර්ය වෙලා හිටියා. මමත් කැම්පස් එකක ඉගැන්නුවා. නමුත් ඒ කාලේ දෙන්නම් කාසි හෙවත් ණයට මහාචාර්ය වුනේ නෑ අපිනම්... විලි ලැජ්ජා නැතුව ළමයි ඉස්සරහට යන්නේ කොහොමද? මට කැම්පස් එකෙන් එන්න වුනේ පදනම් ආයතනේ කරපු දේශනයක් නිසා. එක පදනම් ආයතන දේශනයකදී මම කිව්වා, මේ ගාමන්ට් ෆැක්ටරි මේනියාව අපිට දීපු උගුලක්.. අපි මේකට අහු නොවිය යුතුයි කියා. මේක මේනියාවක් නොකර අපි බහුවිද කර්මාන්ත මේනියාවක් හදාගනිමු. කෘෂිකර්මය උඩින් තියාගෙන කියලා තමයි කතාවේ සාරාංශය. පහුවෙනිදා මට උදේම ෆැකල්ටියේ ප්‍රධානියා කතා කරා... "ඔයා රස්සාවත් නැතිකර ගන්නද හදන්නේ?"... ඔන්න ඔහේ කොල්ලන්ට උගන්නගෙන ඉන්නවා. මම කල්පනා කළා, මේක මෙච්චර ඉක්මනට මෙතනට ගියේ කොහොමද? අන්තිමේ මම ලංකාවෙන් පිට වුණා, දැන් අපේ මානව හිමිකම් හිටන් පෙන්නන්න ඕනේ කෝටා ගන්න. අපේ ආර්ථික නිදහසට අපිම මාංචු දා ගත්තා.
විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක වෙන්නේ ගුරුකුලවල මාෆියාවක්. කොතරම් දක්ෂ වුණත් අනෙක් ගුරුකුලයක් නම් තැනකට එනවා බොරු...
මොනවා වුණත් මේ ඔක්කෝමටම උඩින් තියෙන පාර්ලිමන්ට් එකට හා ජනපති අසුනට ඕනෙම කෙනෙක්ට යන්නත් පුළුවන්. දැන් ඊට අමතරව ලොකුම සීට් එකට යන කෙනාට ඕනම අපරාධයක් කරන්න, ඕනම හොරවැඩක් කරන්න ලෑස්තිවෙලයි ඉන්නේ. මොකද තමන් දන්නවා හොරකම අපරාධය තමන් අතින් අනිවාර්යයෙන්ම ඉදිරියේදී වන බව...
අහන්න තිබෙන්නේ අශෝක හඳගම අහපු ප්‍රශ්නයම තමයි.
හැමෝම කෑගහනවා සෞම්‍ය ලියනගේ දක්‍ෂයෙක් නිසා මේ ඔහුට කරලා තිබෙන දෙය හරි නැහැ කියලා. සෞම්‍ය ලියනගේ දක්‍ෂ කලාකරුවෙක් බව ඇත්ත. නමුත් ඇයි ඔහු 2014 වසර වනවිට ආචාර්‍ය උපාධිය නොකරේ?මොකද කියන එක ඔහුගෙන් අහන්නෙ නැත්තේ ඇයි? ඔහුගේ නළුකම සහ විශ්වවිද්‍යාල රැකියාව කියන්නේ දෙකක්. රැකියාවට අවශ්‍ය සුදුසුකම ගන්න එක ඔහුගේ වගකීමක්.
මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධිය මොන සුදුසුකම් මතද දීල තියෙන්නේ? UGC එක මොකද කියන්නේ?
අර ගණිත ආචාර්ය උපාධිය ගත්ත බේබිට ඕක දෙන්න බැරිද?