(අජන්ත කුමාර අගලකඩ)

මෙවර මහ කන්නයේදී සම්බා, නාඩු සහ කීරි සම්බා වර්ගවල වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක්ද, තෙත වී සඳහා කිලෝවකට රුපියල් 42ක සහතික මිලක්ද ගෙවීමට රජය තීරණය කර ඇත.

යල කන්නයේ වගාකර ඇති භූමි ප්‍රමාණය අනුව එක් ගොවියකුගෙන් වී කිලෝ 5000ක උපරිමයකට යටත්ව වී මිලදී ගැනීමටද රජය සැලසුම් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදීගැනීමට කටයුතු යොදා ඇති අතර, එහි සම්බන්ධීකරණ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් සිදුකෙරෙනු ඇත.

ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යෑම සඳහා වී අලෙවි මණ්ඩලය මගින් මෙවර යල කන්නයේ වී ටොන් ලක්ෂ 2ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 1042ක් පමණ වේ.