
මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අගෝස්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසුරිය මහත්මිය අද (4) නියෝග කළාය.
මීගමුව බන්ධනාගාරයේ සිදුවූයේ යැයි කියන විෂමාචාර සිද්ධීන් සම්බන්ධයෙන් සම්පායෝ මහතාට චෝදනා ගොනු කර තිබේ.
සිද්ධියට සම්බන්ධ මීගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර්වරු තිදෙනා ද එදින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
පසුගිය අගෝස්තු 2 වැනිදා කුරුණෑගල නගරයේ සැඟව සිටියදී මීගමුව පොලිස් නිලධාරීන් විසින් සම්පායෝ අත්අඩංගුවට ගනු ලැබීය.
(535)
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මෙනි තැන්ක්ස් "ගරු විනිශ්චයකාරතුමියනි.. 18 වෙනිදා වෙනකොට ලොක්කෝ - සොක්කෝ වෙලා, ශකබ්ලෂ් වෙලා හිටීවි. අද ලොක්කෝ 18 වෙනිදා වෙනකොට ලංකාවේ ඉඳීයිද දන්නෙත් නැහැ. ගිය පාර රටෙන් පැනලා ගිය මැදමූලන ඇමෙරිකන් කාරයා මේ පාරත් මිනිහාගේ මල්ල ලැහැස්ති කරගෙන ඉන්නේ කියලා එයාගේ ලඟම ලේකම් කෙනෙක් මට දැන්වූවා. මේ හාදයාව අරක්ෂා කරපු කුරුණෑගල චණ්ඩියා (ඒ පැත්තට විතරයි.. අපේ පැත්තට ආපුවම ඔය චණ්ඩි දේශපාලුවාත් කුක්කා වගේ ඉන්නේ..) ඡන්දෙන් අනාගන්නවා. ගරු විනිශ්චයකාරතුමියනි, මගේ අවංක ආචාරය ඔබතුමියට. ඔබතුමිය වැනි නිර්භීත, හොඳ කොන්දක් ඇති අවංක විනිශ්චයකරවරියන්, වරුන් තවතවත් අපරටට අවශ්‍යම යුගයක් හෙට නැතිනම් අනිද්දා අපේ රටේ බිහිවනු ඇත...
දැන් අර කිව්ව විදියටම සැඟවෙන්න උදව් කරපු අය අල්ලනවද කියලා බලමු.
මොවුන්ට හොඳ දඬුවමක් ලැබෙන්න ඕන.