
(ටෝනි කරුණානායක )
මිගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා හෙට (04) දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිගමුව වැඩ බලන මහෙස්ත්‍රාත් කේ.ජී.ගුණදාස මහතා අද (03) නියම කළේය.
මිගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තු නිකුත් කර දින 11කට පසු මිගමුව පොලිසියේ නිලධාරි න් විසින් කුරුණෑගල නගරයේ දී ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබුණි .
මිගමුව බන්ධනාගාරයේ සිදු වූයේ යැයි කියන එම විෂමාචාර සිද්දීන් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත මිගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර් වරුන් වන ප්‍රශාද් කාලිංග කලුඅග්ගල , උපාලි සරත් බන්ඩාර ,සහ නිශාන්ත සේනාරත්න යන සැකකරුවන් 04 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබේ .
මිගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් පැමිනිල්ල මෙහෙය වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා ඉකුත් 29 වෙනිදා මිගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිසිය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්පායෝ හෙට දක්වා රිමාන්ඩ්
Prabath Monday, 03 August 2020 02:57 PM
වැඩිය දඟලන්න දෙන්න එපා.
විජිත් Monday, 03 August 2020 03:07 PM
තවත් ගෝලයෙක්..!!!
siri Monday, 03 August 2020 04:04 PM
මෙයා සැඟවී හිටියේ කුරුණෑගල ප්‍රධාන දේශපාලකයකුට සහ වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ උදව්වෙන් කියන්නේ ඇත්තද.?
Shan Monday, 03 August 2020 06:44 PM
පගාවට බර කෙනෙක් කියලා කියන්න පුළුවන්.
Asanga Tuesday, 04 August 2020 04:35 AM
මෙයාට මොකද විශේෂ සැලකිල්ලක් තියෙන්නේ.
RaveendraTuesday, 04 August 2020 05:34 AM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.. මෙම රජයේ සේවකයාගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීමේදී කිසියම් හෝ දෙස්පාලුවෙකුගේ මුර හොදින්ම පැහැදිලි වෙන්නේ අපට පමණද ? මහජන බදුමුදල් වලින් " බඩ වියත " රැකගන්නා මෙවන් මිනිසුන්ට ස්වබාවධර්මයා විසින් නන්නත්තාර වෙන්නම දඩුවම් දෙන බව නම් ඉරහදමෙන් විස්වාසය..
Nihal Wednesday, 05 August 2020 05:02 AM
එයාට ශීතකරණයක් දෙන්න කව්රුත් නැද්ද?