
(නිමන්ති රණසිංහ)
'ෆෝ ජී' වර්ගයේ සිම් කාඩ් පතක්, මෙමරි චිපයක් සහ ලයිටරයක් සඟවාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ දී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 43 ක සහ 24 ක කාලදමුල්ල, මොරටුව සහ සීවලී පටුමග, බොරැල්ල ලිපිනයෙහි පදිංචි අයවලුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයේ ආරක්ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් රැඳවියන් පරික්ෂා කරනු ලැබූ අවස්ථාවේ දී මොරටුවේ පදිංචි සැකකරු සන්තකයේ තිබී මෙමරි කාඩ් පත සහ සිම් පත ද, අනෙක් සැකකරු සන්තකයේ තිබී ලයිටරය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය බන්ධනාගාර නිලධාරින්ට භාරදී ඇතැයි වාර්තා වේ.
COMMENTS