



(ප්‍රින්ස් රත්නායක)
සමනළ වැව පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් තවදුරටත් වර්ෂාව පැවතියහොත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
සමනළ වැවෙහි පිටාර මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 455 ක් වන අතර ස්වයංක්‍රීය නොවන දොරටු තුනක් මගින් පිටාර මට්ටම පාලනය කරනු ලබයි. 2015 වසරේදී එය පිටාර මට්ටමට පැමිණියද අවසන් වරට සමනළ වැව වේල්ලේ දොරටු විවෘත කරනු ලැබුවේ 2008 වසරේදී ය. සමනළ වැව ඉදිකිරීමෙන් පසු මීට පෙර අවස්ථා 2 කදී පමණක් වාන් දොරටු විවෘතකර ඇත.
මේ වනවිට ජලවිදුලිය නිපදවීමට ටර්බයින් දෙකම ක්‍රියාත්මක කර ඇති අතර ජලමට්ටම පාලනය කිරීම සඳහා වේල්ලේ ඇති ජල පාලකය මගින් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය මුදා හැර තිබේ. එම ජලය ගලා බැසීමට ඉදිකර ඇති ඇළ මාර්ගය උතුරා යමින් පවතී.
වාන් දොරටු විවර කළහොත් ඇතිවන තත්වයන්ට අදාළව ආරක්ෂක විධිවිධාන හා පොරෙත්තු සේවා සූදානම් කර ඇති බවත් පහළ නිම්න හා කල්තොට ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇති බවත් ඒ මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සමනළ වැව පිටාර මට්ටමට