IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සමනළවැව ජලාශයත් පිටාර මට්ටමට ළඟාවෙයි

(ප්‍රින්ස් රත්නායක)

අධික වර්ෂාව හේතුවෙන් සමනළවැව ජලාශයේ ජල මට්ටම  පිටාර මට්ටමට ළඟා වී ඇත.

ලංකාවේ පවතින ජලාශයන් අතරින්  සමනළ වැව ජලාශය සම්පූරණයෙන් පිරී පවතිනු දැකිය හැකිවන්නේ කලාතුරකිනි.

1992 වසරේ  සිට මේ දක්වා ජලය  පිටාර මට්ටමට අවස්ථා කීපයකදී   පැමිණ ඇති අතර වාන් දොරටු විවෘත කරනු ලැබ ඇත්තේ අවස්ථා දෙකකදී බව ප්‍රදේශවාසීහු පවසති. 

මෙම ජලාශයේ  වාන් දොරටු විවෘත කිරීම මුහුදු මට්ටමේ සිට මීටර් 455 දක්වා පැමිණි විට සිදු කරනු ලබන අතර  මේවන විට පිටාර මට්ටමට මීටරයක් පහළින් ජලමට්ටම පවතී.

මෙම ජලාශයේ ටර්බයින් යන්ත්‍ර දෙකක් මගින් විදුලිය මෙගාවෝට් 126 ජනනය කරන අතර මේ වනවිට ටර්බයින දෙකම ක්‍රියාත්මක වෙමින් පවතිය .

සමනළවැව ඕනෑම අවස්ථාවකදී පිටාර කිරීමට හැකි බවත් මෙම ව්‍යාපෘතියේ අරමුණ  පූර්ව සැලසුම් අනුව දොරටු විවෘත නොකර ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක කර විදුලිය නිපදවීම බව මෙහි ප්‍රකාශකයෙක් පැවසීය.

මෙහි වාන් දොරටු විවෘත කිරීමෙන්  පසු එහි ජලය වළවේ ගඟ ඔස්සේ උඩවලව ජලාශයට එක්වේ. 

 

 

 



අදහස් (0)

සමනළවැව ජලාශයත් පිටාර මට්ටමට ළඟාවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site