(නිමල කොඩිතුවක්කු)
සාමාන්‍ය පෙළ සහ අනෙකුත් සිසුන් සඳහාද ටැබ් පරිගණක ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී පැවැසීය.
උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා මේ වනවිට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් ඉක්මණින් එම කටයුතු සම්පාදනය කරමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනුම පදනම් කරගත් සමාජයක් වෙනුවෙන් අමතර කියැවීම් එම පරිගණක තුළට යෙදීමට පියවර ගන්නා බවද ඔහු පැවැසීය.
පෙළපොත් වෙනුවට වසර හතරක් භාවිත කළ හැකි ටැබ් පරිගණක ලබාදීමෙන් අධ්‍යාපනය වඩාත් පහසු වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
ස්මාර්ට් පන්ති කාමර සඳහා අවශ්‍ය ගුරු පුහුණුවීම්ද මෙයට සමගාමීව සිදුකරන බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

COMMENTS
හරියට වහලක් වත් නැති පාසල් කොච්චර මේ රටේ තියනවද. ඇයි මුලික පහසුකම් වත් නැති පාසල් ගැන ගානක්වත් නැතුව මේ ටැබ් ස්මාර්ට් පන්ති කාමර හදන්නේ. දන්නවද හේතුව? වහලවල් හැදුවට, ටොයිලට් හැදුවට, දුප්පත් පාසල් වලට පහසුකම් දුන්නට ලොකුවට කොමිස් ගහන්න බෑ. ඇමතිට ලොකු කොමිස් එකක් එන වැඩ විතරයි ඇමති කරන්නේ. මියක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නේ.
ටැබ් එක දෙන්න කලින් ගමේ පාසල්වලට පහසුකම් දීලා ඉන්න. ටැබ් පාවිච්චි කරන්න සමහර පාසල්වල විදුලියවත් නැහැ. ඈත පිටිසර පාසල්වල දරුවන්ට උදේට කාල එන්නවත් දෙයක් නැහැ. සීතල කාමර වලින් එලියට බැහැලා දුෂ්කර පළාත් වලට ගිහිල්ලා බලන්න. ඒ දරුවෝ වගේම ගුරුවරුත් මොනතරම් දුක් විදිනවද කියලා.
දැන් ඉන්න ඇමතිලට නම් ඇත්තටම පිස්සු.
බටහිර රටවල ළමයි පරිගණකයේ ඉන්න වෙලාව අඩු කරගන්න ක්‍රම සොයනවා.
පරිගණක දීම ගැන ගැටළුවක් නැහැ. ඒත් මුලික අවශ්‍යතා විසදිය යුතුයි. අනෙක හැමොටම මේක දෙන්න එපා. අඩු ආදායම් ලාභීන්ට පමණක් දෙන්න මධ්‍යම පන්තික ආදායම් ලබන අයට ණයක් විදියට දෙන්න, ඉහල ආදායම් ලාභින්ට කොහොමත් ටැබ් තියෙනවා. ඒ ඉතුරු වෙන මුදල් වලින් ජල, සනීපාරක්ෂක සහ අනෙකුත් මුලික පහසුකම් හදන්න
සිංගප්පුරුවෙත් කරලා නැති වැඩ තමයි මේවා.
මා සිතන්නේ පාසල් ළමුන් සඳහා ටැබ් පරිගණක ලබා දීම හොඳ දෙයක් බවයි. මේ මගින් වාර්ෂික පොත් මුද්‍රණ වියදම් අඩුකර ගත හැකි අතර, ළමුන් පාසලට ඔසවාගෙන යන පොත් මල්ලේ බරද අඩු කර ගත හැකියි. මෙවැනි ව්‍යපෘති ආරම්භ කිරීමට පෙර, දිවයිනේ සියලු පාසල් වලට එකසේ පහසුකම් ලබා දෙන තෙක් සිටියොත්, මෙවැනි දේ සිදු කිරීමට තව ශත වර්ෂයක් වත් බලා සිටින්න වෙයි.
ටැබ් එක තමයි දැන් අඩුවකට තියෙන්නේ. මේ මිනිස්සු නම් පුදුම ඇමතිලා තමයි
ඔන්න දැන් මෙතනත් කොහේ හරි ගමේ ඉස්කෝලෙක වහලේ නෑ, කන්න නෑ කියලා අඬෝවැඩියා ගහන අය ඇවිල්ලා. දැන් එතකොට ලංකාවේ අධිවේගී මාර්ග හදන්න හොඳ නෑ ලංකාවෙම පාරවල් කාපට් කරනකම්. පිළිකා රෝහලට ස්කෑනර් ගන්න සල්ලි වලින් ගමේ ඉස්පිරිතාලෙට ඇඳන් ගන්න ඕන. ලොකුවට පෙන්වන දුෂ්කර යැයි කියනා ඉස්කෝල බොහොමයක් පළාත් සභා යටතේ තියෙන්නේ. ඒක ඒ ඒ පළාත් සභා බලාගන්න ඕන. මේක ජාතික මට්ටමේ වැඩපිළිවෙලක්. ටැබ් එකක් කියන්නේ වරප්‍රසාදිත ළමයින්ට පමණක් දෙන දෙයක් නෙවෙයි.
ඩෙස් එකයි පුටුවයි දීලා වැසිකිලි ටික පිරිසිදුවට හැදුව නම් නරකද
දුෂ්කර පාසල් තිබුනට ලෝකයේම ස්මාර්ට් පන්ති කාමර සංකල්පය රටවල් ගණනක ක්‍රියාත්මක වෙනවා. අනාගතය යන්නේ ඒ දෙසටයි. එනිසා අපේ කොපමණ විෂමතා තිබුනත් අපටත් ඒ දෙසට යොමුවෙන්න වෙනවා. එහෙම නොකලොත් එක අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක්. රටේ සම්පත් සමානව නොබෙදෙන එක වසර 1000 කටවත් වෙනස්වෙන්නෙත් නැහැ
ඇමතිතුමනි, මේ අවස්ථාවේදී පුළුල් වශයෙන් දුෂ්කර පාසල් වල ඇති අඩුපාඩු සම්පුර්ණ කරන්න. ටැබ් දුන්නට ඒවා චාජ් කිරීමට ජනක යන්ත්‍ර දෙනවද? ටැබ් එකට වැඩිය සමහර පාසල් වල සිසුන්ට ඉඳ ගැනීමට පුටුවක් නැ. තමුන්ගේ අමාත්‍යංශ ලේකම්ට කිව්වොත් හොද නැද්ද දුෂ්කර පාසල්වල ඇති අඩුපාඩු සම්බන්දයෙන් වාර්තාවක් දෙන්න කියලා.. කරන්න ඕනේ ඒවා පැත්තක තියලා, ටැබ් එක දෙන්න හදන්න එපා. ඒවත් කල යුතුයි අනෙක් පාසල් වල ඇති අඩුපාඩු සම්පුර්ණ කර. දුප්පත් මනුස්සයගේ දුක සැප සොය බලන්නේ නැතිව, හැම අවස්ථාවේම ඡන්දෙන් අන්ත පරාජක් වන්නේ ඔය නිසයි, එම නිසයි ඔබලා සැමදාම පොදු අපේක්ෂකයෙක් හොයන්න වෙලා තියෙන්නේ.. රටට දැනෙන්න වැඩක් කරලා කෙලින් ගමනක් යන්න බැලුවොත් හොද නැද්ද ????
මේ රටේ හරියකට වාඩිවෙලා අකුරක් ඉගෙන ගන්න තරම්වත් පහසුකම් නැති පාසල් කොච්චර තියෙනවාද. හරියට කන්න නැතුව උදේට බඩගින්නේම පාසල් එන දරුවෝ කොච්චර ඉන්නවද ඒවාට විසදුම් දෙන්න.
ටැබ් පරිගණක දැනුම නරකම නැත... මුලික අඩුපාඩු ගැන බැලුවොත් හොදද... වීරකැටියේ අම්මලාගේ දුක දැක්කා ද ?
අලියට හක්ක පටස් දුන්න වගේ යස අපුරුවට තියේවි
මෙය හොඳ වැඩක්. ඒත්, මීට වඩා කළයුතු දේ බොහොමයි. උගත්, දුප්පත් දරුවන් දේශපාලන හයියක් නොමැතිකම නිසා රැකියාවල් නැතිව තම වටිනා කාලය නාස්තිකර ගන්නවා. පළමුව ටැබ් නැතිව ඉගෙනගෙන දුක් විඳින මේ අයට සහනයක් සලසන්න. එය මහා පිංකමක්...