IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සමෘද්ධි නිලධාරින් ස්ථිර කිරීමට රජය ගත් තීරණය වැරදියි


(විනීතා එම් ගමගේ)


ග‍්‍රාමනිලධාරින් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් ගෙන එමින් ඔවුන්ගේ වැටුප් සංශෝධනය කිරීමට හා සමෘද්ධි නිලධාරින් ගේ තනතුරු ස්ථිර කිරීමට රජය ගෙන ඇති තීරණය මෙවැනි සංක‍්‍රාන්ති ආණ්ඩු සමයක කිසිසේත්ම සිදු නොකළ යුත්තකැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.


එවැනි බරපතල කටයුත්තකට අතගැසිය යුත්තේ ස්ථාවර ආණ්ඩුවක් යටතේ බවත් එහි දී සියලූ අංශවල මත විමසා අවසන් තීරණයකට පැමිණ එය සිදුකළ යුතු බවත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරික්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය. 


මේ සමයේ එම කටයුත්ත සිදුකළ හොත් එය පටු දේශපාලන වාසි සඳහා සිදුකළ බවට චෝදනා එල්ල වීම වැලැක්විය හැකි නොවනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය. 


මේ පිළිබඳව අදාල අමාත්‍යවරුන් කල්පනා කළ යුතු යැයි කී ගජනායක මහතා ජනතා මතය නැතිව කරන කටයුත්තක් බවට මෙම කටයුත්ත පත්වනු ඇතැයි ද කියා සිටියේය. 


වෘත්තිය සමිති හා දේශපාලන  පක්ෂවල අවධානය මේ සම්බන්ධව යොමු විය යුතු යැයි පැවසූ ගජනායක මහතා විවිධ දේශපාලන මත භේද පවතින සමයක ස්ථාවර නොවු රජයක මෙවැනි ක‍්‍රියා දාම සිදු නොකළ යුතු යැයි ද කීය.


මේ සම්බන්ධව ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, නිවාස හා සමාජ සුභ සාධන අමාත්‍යංශයට හා ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා අධිකරණ අමාත්‍යංශයට මෙන්ම දේශපාලන පක්ෂ නායකයන්ට ද, වෘත්තිය සමිති නායකයින්ට ද ලිපියක් යැවු බව හෙතෙම සඳහන් කළේය. 
 
 
 
  



අදහස් (3)

සමෘද්ධි නිලධාරින් ස්ථිර කිරීමට රජය ගත් තීරණය වැරදියි

Kamal Monday, 26 November 2018 10:14 AM

මහජන මුදලින් පින් පඩි දෙන එක තමා වෙන්නේ.

:       0       8

Rohitha Monday, 26 November 2018 01:43 PM

මේ අය පහුගිය කාලයේ කඩේ ගියේ පොහොට්ටුවටනේ ඉතින් සලකන්න එපැයි නේ...

:       47       57

chathuri Monday, 26 November 2018 01:59 PM

උගත්, බුද්ධිමතුන් හට ඇමතිකම්.. දෙන්න කියන්නේ. මේ නිසා විරවංශගේ අධ්‍යාපන සුදුසුකම් බලන්න. පස්වෙනි පන්තියේ විභාගයවත් නොලියපු කෙනෙක් එයාට මේ තරම් ලොකු ඇමතිකම් දෙන්නේ කොහොමද? මේක රටක්... මෙය පාලනය කරන්න ඕනෑ. බුද්ධිමතුන් විමල්ව කුඹුරකට හරි බස්සන්න. දැනුමක් නැහැ. පෞද්ගලික බස් කොන්දොස්තර වැඩට හොඳයි. බෙරිහන් දීලා බස් එකට සෙනඟ පටවන්න. ඒ ජොබ් එකත් දවසින් ඉවරයි. මිනිස්සු නිකම් ගිහින් මෙයාට මුදල් ගනුදෙනු කරන්නත් බැහැනේ... දේවාලේ කපු මහතෙකුට බාර දෙන්න. කටින් වැඩක් ගන්න.

:       0       107

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site