(මුදිතා දයානන්ද)
සමෘද්ධි අධිකාරියට අයත් වාහන පහක් මැතිවරණ කටයුතුවලට යොදා ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජිත හේරත් මහතා අද (21) පැවසීය.
WP KR 0824, WP KJ 7544, WP TD 90008, WP KD 0824, WP GA 6710 එලෙස යොදාගෙන තිබෙන වාහන බවද ඔහු පැවසීය.
ඔහු මෙසේ පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
ආණ්ඩුව ජනාධිපතිවරණයේදී නීති විරෝධී ආකාරයට රාජ්‍ය බලය, මහජන මුදල් යොදවමින් මැතිවරණ අල්ලස් ලබාදෙමින් සිටින බවද රාජ්‍ය වාහන ඇතුළු බොහෝ දේ මේ සඳහා යොදා ගනිමින් සිටින බවද හේරත් මහතා පැවසීය.
පවුල් ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි ලබාදීමට නියමිත අතර එයද ඡන්ද අල්ලසක් සේ භාවිතා කරන්නට තරම් ආණ්ඩුව බංකොලොත් වී ඇති බවද ඔහු පැවසීය. පවුල් ලක්ෂ තුනක අයදුම් පත් මේ වන විට ලබාගෙන ඇති අතර ඔවුන්ට සමෘද්ධි හිමිකම් ලැබී තිබෙන බවත්, ජනාධිපතිවරණය නිමවීමෙන් පසුව ලබාදෙන බවත් සඳහන් නීති විරෝධී ලිපියක් මැතිවරණ කොමිසම අත්අඩංගුවට ගත්තද තවදුරටත් ප‍්‍රාදේශීය සංවිධායකවරු මගින් මෙම ලිපි බෙදාහරිමින් සිටින බවද හේරත් මහතා පැවසීය.
ජාතික ජන බලවේගය මේ මැතිවරණය පුරාම පෙනී සිටින්නේ මේ මුදල් අවභාවිතය, නාස්තිය වළක්වන පාලනයක් බිහිකර ගැනීමට බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
මහජන මුදල් දේපල අවභාවිතා කරන හොර, තක්කඩි දේශපාලුවන්ගෙන් අපේ රට කවදාවත් ගලවා ගන්න ලැබෙන්නේ නැහැ. ඇයි? ඒක තමයි කෝටියක් වටිනා ප්‍රශ්නය. ඇයි එහෙම අපේ දේපල ගසා කන්න මොවුන්ට පුළුවන් වෙලා තියෙන්නේ? අපේ වහල්කම හින්දා... කැපුවත් ලේ, අර පාට, මේ පාට කියලා හිතන මානසික වහල් බව හින්දා... අපි දැන්වත් ඇස් අරිමු.
සමෘද්ධි අදිකාරියේ වාහන 05 මොකක්ද මහත්තයෝ, පොහොට්ටුවට සපෝට් එකට සමෘද්ධිලාභීන් සහ සමෘද්ධි නිලධාරීනුත් බස්වල නැගී ගෙන ගෝඨාගේ රැස්වීම්වලට යන්නේ. රජයේ නිලධාරීන් යොදවන එකත් වැරදි නේද?