
(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉරාන් වික්‍රමරත්න, හරින් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකීර් මාකර්, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.
පක්ෂයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත අද(13) පස්වරුවේ භාරදීමට කටයුතු කරන බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත භාරදීමට කටයුතු කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
ඔය එක්කෙනෙක් ද්විත්ව පුරවැසියෙක් කියන්නේ ඇත්තක්ද?
ඕක විසුරුවලා තම තමන් රස්සාවක් කරලා හම්බ කරලා තමුන්ගේ ගෑණුන්ට, ළමයින්ට කන්න දෙන්න බලන්න. කොන්ද පණ නැති පිරිමි වගේ ඉන්නේ නැතිව..
තිස්ස කොතැනද සදාකල් පරාදයි.. ඒක නියතයක්
නම් ප්‍රසිද්ධ කරපු අය අතරින් ඩයනා ගමගේ නෝනා රටේ නීති අනුව නිකන්ම විසිවී යනු ඇත. ඒ නම ඉදිරිපත් කිරීම නොදැනුවත්වම කරපු දෙයක්ද? එහෙම නැතිනම් ඕනෑකමින් කරපු දෙයක්ද කියලා... වාසු, විමලේ, උදය වගේ අය තව ටික දිනකින් පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරාවි සමගි ජනබලවේගයේ නායකතුමා වන සජිත් මහතා, ඩයනා නෝනාට ඩබල් පුරවැසිකම තියෙන වග දැනහිටියේ නැද්ද?
ඩයනා ගමගේ මහත්මියට වඩා පක්ෂයට දරදිය ඇද්ද කෙනෙක් හිටියේ නැද්ද?
මම හිතුවා හරින්ට ඡන්දෙ ඉල්ලන්න තරම්වත් කොන්දක් තියෙයි කියලා. හරින් කිව්වට හරින් නෙවෙයි..
තිස්ස, ඔබ එනතුරු සජිත් විපක්ෂ නායකයා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.