අජන්ත කුමාර අගලකඩ
සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා කර ඇති ඉල්ලීම නොපිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානයක්කාර මහතා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් අද (11) මෙම ඉල්ලීම කර තිබේ.
ජාතික ජනබලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා මැතිවරණ කොමිසන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ලැබී ඇතැයි ද එජාපය යවා ඇති ලිපියේ සඳහන් කර ඇත.
සමගි ජාතික බලවේගයේ නමේ ඉංග්‍රීසි පරිවර්තනය ‘united national power’ යන්න බවත් එය කෙටි කළ විට UNP ලෙස දැක්වෙන් බවත් එම ලිපිය මගින් දැනුම් දී ඇත.
එම නිසා සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන යෙදුමක් වන බවද එම ලිපියේ පෙන්වා දී තිබේ.
එබැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන වන බැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන්නැයි ද කොමිසන් සභාවෙන් ඉල්ලා ඇත.
COMMENTS
මොලයක් නෙමේ අලයක් කියලා රනිල්ගේ මොලේ ගැන විමල් ඉස්සර කිව්වට, එහෙමමත් නැහැ නේද? දැන් සජිත් වෙන පක්ෂයක් හදාගෙන ගියාම අලියත් තියාගෙන රනිල්ට යූඑන්පී එකේ නායකයා විදිහට දිගටම ඉන්න පුළුවන්. සජිත් එක්ක රනිල්ට විරුද්ධ තව පිරිසකුත් එළියට යනවා. නියම සුද්ද කිරිල්ල... එක ගලයි කුරුල්ලෝ ගොඩයි.
ඔය ලාංඡන සහ පක්ෂයට දාගෙන තියන නම නෙමෙයි වැදගත් වෙන්නේ. කවුද ඕවා පිටුපස ඉන්නේ කියනෙකයි වැදගත් වෙන්නේ.
හාමුගේ කණ්ඩායම බයවෙලා... මේ වගේ අය එක්ක රටක් කරන්න පුලුවන්ද ? සිරිසේනගේ ශ්‍රිලනිපය සහ රනිල්ගේ එජාපයට වෙනම තරග කරන තැනට තල්ලු කරන්න ඕනේ.
රටේ ජනතාවගෙන් 90% රනිල් විරෝධීය. එමනිසා රනිල් නොමැති බලවේගයක් සජිත් පෙරටුකොටගෙන එජාපය නමින් අවොත් එජාප සාමාජිකයන්ගෙන් 80% අනිවාර්යයෙන්ම ඡන්දය දෙනු ඇත. රනිල් නිසා පක්ෂය හැරගොස් තිබෙන පැරණි එජාප සමජිකයන්ගේනුත් 20-30% රනිල්ට පාඩමක් ඉගැන්වීමට සජිත් පිලට ඡන්දය දෙනු ඇත. එහෙම වුනොත් රනිල් ප්‍රමුඛ එජාපයට ලැබෙනු ඇත්තේ 4% -7% අතර ඡන්ද ප්‍රතිශතයක් පමණි . සමහරවිට රවී කරුණානායක වැනි පුද්ගලයන් පෙරටුකොටගෙන සිටින රනිල් පිළට පාර්ලිමේන්තුව නියෝජනයද අවිනිශ්චිත වනු ඇත.
අන්න හරි, පුළුවන් තරම් කා කොටා ගනිල්ලා. එතකොට පාක්ෂිකයෝ ඇවිත් දෙගොල්ලම රජ කරවයි මෙන්න කියලා. ආණ්ඩුව දෙකොනින් හිනාවෙනවා ඇති.
රනිල් ඉතිහාසේයේ කුණු කූඩයට යන එක වයිමටවත් නවත්වන්න බෑ දැන්.
සජිත් මහත්තයට කොපි කරන්නේ නැතුව මුකුත් කරන්න බැහැ වගේ.
එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන පක්ෂය රකින නායකයෝ සමග පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියට යාමට සජිත්ට කොතෙකුත් අවස්ථාත් ලැබී තිබුනද ඔහුට ඒ කිසිවක් අවශ්‍ය නොවිය. පක්ෂයට කුමක් සිදුවුවත් ඔහුට ප්‍රශ්නයක් නොමැත. ඔහුට අවශ්‍යව ඇත්තේ ගමේ භාෂාවෙන් කියනවානම් කොක්කෙන් හෝ කෙක්කෙන් පක්ෂයේ නායකයා වීමටය. සජිත් සහ ඔහුගේ කණ්ඩායම සිටිනා තුරු පක්ෂයට අනාගතයක් නොමැත.
සජිත්ගේ ලුණු ගොරකා මදි රනිල් තම්බන්න.
ඕකට හොඳ ඡන්ද ලකුනක් තියනවා. වකුගඩුව. හොඳට පෙරිලා යාවි නැතිනම් හිරවේවී.
නව පක්ෂ වලට ඉංග්‍රීසි අකුරු දෙන්නේ නෑ. ඒ නිසා ජාජබ වෙනවා. සජිත්ට වෙනස සැපද?
යුඑන්පි පක්ෂය ජේ ආර්ගේ නායකත්වයෙන් ලලිත් සහ ගාමිණී එකතුව ඒ කාලේ රටේ තිබුණු සද්දන්තම පක්ෂය. ඉන්පස්සේ ප්‍රේමදාස නායකත්වයෙන් ගමේ පොඩි මිනිහට සලකලා රටේ විශාල දෙයක් කලා. ඒත් රනිල්ගේ නායකත්වය යටතේ යුඑන්පී එක අද වෙනකොට වලපල්ලට යවලා ඉවරයි. දැන් මේ පන අදින වෙලාවේ සජිත්ගේ නායකත්වයෙන් "සමගි ජාතික බලවේගය" හදලා ඉදිරි ඡන්දෙට යන්න. සජිත් රටේ මුළු ජනතාවම ඔබ සමගයි.
බොත්තම හෝ රිමෝට් එක ඊට වඩා හොඳ නැද්ද?
දැන් තියෙන තත්වය හැටියට මේ දෙන්නාවම හරියන්නේ මේවා අප්පොච්චිගේ ගමේ කියලා තේරෙන්නේ දැන් තමයි.